පියයුරු පිළිකාව ගැන සලිත වන සිතට අස්වැසුමක්

පෙබරවාරි 6, 2019

"පිළිකාවක්'' යැයි ඇසූ පමණින් භීතියෙන් සලිත වූ යුගය ඈතකට එක්වෙමින් තිබේ. සැබැවින්ම මේ වන විට දැනුවත්භාවය මතින් වහ වහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වී පිළිකාව ජය ගත්තෝ දුලබ නොවෙති.

මේ අතරේ පියයුරු පිළිකාව ජයගත් ලියෝ ද බොහෝ වෙති. සැබැවින්ම දැන් පියයුරු පිළිකාව ජයගත් ලියකට පියයුරක් අහිමි වී කැලලක් පමණක් ඉතිරි වීම පිළිබඳ ද පසුතැවිය යුතු නොවේ.

ඒ මේ වනවිට එලෙස අහිමිවන පියයුර යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් අප සතු බැවිනි.

අපේ රටේ ද පියයුරු පිළිකාවෙන් පියයුරු අහිමි වන කාන්තාවන්ට යළිත් පියයුරු ප්‍රතිනිර්මාණය කරමින් අස්වැසුම් දෙන්නට අපේම ජීවකවරයෙක් සමත්ව හිඳියි.

ඔහු ලංකා හොස්පිට්ල්හි පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරාය. ඔහු වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් බඳු මේ සැත්කම පිළිබඳ ඔබට හෙළි කරන්නේ මෙලෙසයි.

"අද පිළිකාවත් ලාදුරු වාගෙයි. එදා මහා බිහිසුණු රෝගයක් ලෙස සැලකූ ලාදුරු අද නිසි ප්‍රතිකාරවලින් සුව කළ හැකියි. පිළිකාවක් සඟවාගෙන කල්ගත නොකර ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ජය ගත හැකියි.

ඒ වගේම පියයුරු පිළිකාව පිළිබඳ අපේ කාන්තාවන් අනිසි භීතිකාවක් ඇති කර ගත යුතු නැහැ.

පිළිකාව සුව වුණත් එය ඉවත් කිරීමේදී පියයුරක් අහිමි වෙනවා.

අහිමි පියයුරක කැලලක් එක්ක සාමාන්‍ය ජීවිතය ගෙවන්නේ කොහොමද? මේ කැලල නිතර නිතර දකින එක ඇයට මානසික වදයක් වෙනවා.

සුවපත් ජීවිතයක් ලැබුණත් මේ අහිමිවීම නිසා ඇයට මානසිකව පිළිකාවෙන් මිදෙන්න බැහැ.

"කොහොමද මං ලස්සනට ඇඳලා ඔෆිස් යන්නේ?"

සාමාන්‍ය ජීවිතය පටන් ගනිද්දී ඇය සන්තාප වෙනවා. "පියයුරු ප්‍රතිනිර්මාණය කිරීමේ . . .

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.