සමේ ස්වභාවය හරියටම කියන ස්කින් ඇනලයිසර්

පෙබරවාරි 13, 2019

ඕනෑම යුවතියක් කැමැතියි ලස්සනට ප්‍රියමනාපව ඉන්න. ලස්සන ගැන කතා කරන විට මුල්ම අවධානය යොමු වන්නේ මුහුණටයි. ඒ නිසාමයි වැඩි දෙනෙක් මුහුණෙහි පෙනුම වැඩි දියුණු කරගන්න මෙතරම් උනන්දු වන්නේ.

එබැවින් බොහෝ යුවතියන්, දකින දකින ආලේපන මිලදී ගෙන සම පැහැපත්කර ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ සත්කාරයන්වලින් බලාපොරොත්තු වන නිවැරැදි ප්‍රතිඵලය ලබන්නට නම් ඒ සත්කාරය ඔබේ සමෙහි ස්වභාවයට ගැළපෙන්න ඕනේ. තෙල් සහිත සමකට සුදුසු සත්කාරයක් සාමාන්‍ය සමකට සිදුකළාට නිවැරැදි ප්‍රතිඵලය ලබන්න බැහැ. ඒ වගේම මේ සත්කාරවලින් ඔබේ මුහුණ තිබුණාටත් වඩා අවලස්සන විය හැකියි.

ඒ නිසා ඕනෑම සත්කාරයක්, ආලේපනයක් භාවිත කිරීමට පෙර සමෙහි ස්වභාවය හඳුනාගෙන, එයටම ගැළපෙන ආලේපන මිල දී ගන්න.

සමෙහි ස්වභාවය හඳුනා ගැනීම, ඔබට තනිව කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහය පැතීම අත්‍යාවශ්‍ය වේ. ස්කින් ඇනලයිසර් (ඉඬඪද ඒදචතරලඥප) යනු ඒ සඳහාම නිර්මාණය වී ඇති උපකරණයකි. මෙය වර්තමානයේදී සෑම රූපලාවණ්‍ය ආයතනයකදීම අනිවාර්යයෙන් භාවිතයට ගැනේ. සමට කරන ඕනෑම සත්කාරයක් ඇරඹිය යුත්තේ මෙයින් සම පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුවයි.

ස්කින් ඇනලයිසර් යන්ත්‍රය මඟින් සමෙහි වර්ගය හඳුනා ගත හැකියි. එහිදී ඔබේ සම සාමාන්‍ය සමක් ද, තෙල් සහිත සමක් ද, වියළි සමක් ද එසේත් නැතිනම් මිශ්‍ර සමක් ද යන්න වෙන්කර හඳුනාගනී. මෙම යන්ත්‍රයෙන් සම පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බැවින් සමට කළයුතු සත්කාරයන් පිළිබඳව ද නිගමනයකට එළැඹිය හැකියි.

එමෙන්ම සමෙහි ඇති බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, කුරුලෑ තත්ත්වයන් සහ සමෙහි ආසාදිත තත්ත්වයන් පවා අභ්‍යන්තරව පරීක්ෂා කරන නිසා එවැනි තත්ත්වයන්ට ලබාගත යුතු ප්‍රතිකාර පිළිබඳ ද අවබෝධයක් ලබා ගත හැකියි

සම පරීක්ෂාව සිදු කරන ආකාරය

සම පරීක්ෂාවකට ලක්කරනවා කියද්දී, බොහෝ දෙනෙක් සිතන්නේ මුහුණෙහි සමෙන් කොටසක් කපා එය පරීක්ෂාවකට ලක්කරනවා කියායි. ඒ නිසාම ඇතැමුන් එයට බියක් දක්වනවා. එහෙත් සැබැවින්ම මෙහිදී සිදු කරන්නේ එවැන්නක් නොවෙයි.

මෙහිදී සිදුවන්නේ ස්කින් ඇනලයිසර් යන්ත්‍රය මුහුණ මත තැබීමක් පමණයි. එයින් කිසිදු රිදීමක් හෝ සමට කිසිදු හානියක් වන්නේ නැත.

එම උපකරණය මුහුණ මත තැබීමෙන් මුහුණෙහි සම මතුපිට මෙන්ම අභ්‍යන්තරව ද ඔ-පචර එකක් සේ එහි ඇති තචන-බධන තිරය මත දිස් වේ. එම උපකරණය මුහුණේ තැනින් තැනට යවමින් සමෙහි ස්වභාවය තිරය මතට ලබාගත හැකියි. එබැවින් මේ හරහා ඔබේ සමෙහි ස්වභාවය ඔබටම දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

මැග්නිෆයින් ලාම්පුව (ථචඨදඪටරඪදඨ තචථන) මඟින් ද සම පරීක්ෂා කළ හැකියි. නමුත් එය යල් පැන ගිය ක්‍රමවේදයක් වන අතර එමඟින් සමෙහි ස්වභාවය දැක බලා ගත හැකි වන්නේ සත්කාරය ලබාදෙන රුපලාවණ්‍ය ශිල්පිනියට පමණයි. එහෙත් ස්කින් ඇනලයිසර් යන්ත්‍රය හරහා රූපලාවණ්‍ය ශිල්පිනියට සේම ඔබට ද ඔබේ මුහුණේ ස්වභාවය දැක බලාගත හැකියි.

එමෙන්ම එය නවීන තාක්ෂණය අනුව නිර්මාණය කර ඇති නිසා ඔබේ සමෙහි ස්වභාවය පැහැදිලිව දැක ලබා ගත හැකියි.

හිසකෙස් සහ හිස්කබල පරීක්ෂාව

ස්කින් ඇනලයිසර් යන්ත්‍රයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එමඟින් හිසකෙස් පරීක්ෂා කර ගත හැකි වීමයි. ඔබේ හිසකෙස්වල ස්වභාවය නොදැන ඔබට නොගැළපෙන ෂැම්පු, කන්ඩිෂනර් සහ ඕනෑම හිසකෙස් සත්කාරයක් සිදුකළත් අදාළ ප්‍රතිඵලය නොලැබී යාවි.

එබැවින් ඔබේ කෙස් කලඹ සඳහා ෂැම්පු, කන්ඩිෂනර් තෝරා ගැනීමේදීත් හිසකෙස්වල ස්වභාවය පිළිබඳ දැනුවත්වී තිබීම වැදගත්. ස්කින් ඇනලයිසර් එක හරහා ඔබේ හිසකෙස් වියළි ද, සාමාන්‍ය ද තෙල් සහිත ද යන්න හඳුනාගන්න පුළුවන්.

හිස් කබලට ඇති වන රෝග අතර හිස්හොරි රෝගය ප්‍රධානයි. නමුත් මෙය හිස්හොරි තත්ත්වයක් ඔබ සිතුවත්, මෙය හිස් කබලේ වියළි ස්වභාවය නිසා ඇති වන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙය හිස්හොරි රෝගය යයි සිතා හිස් කබලට ප්‍රතිකාර නොකර හිස්හොරිවලට ප්‍රතිකාර කළාට ප්‍රතිඵල ලබා ගත නොහැකියි. මෙහිදී ඔබ ප්‍රතිකාර ලබා දියයුතු වන්නේ හිස් කබලටයි.

ස්කින් ඇනලයිසර් යන්ත්‍රය හරහා හිස් කබල ද පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාව ඇති නිසා මෙවැනි තත්ත්ව පහසුවෙන් හදුනා ගත හැකියි. ඒ හරහා සුදුසුම ප්‍රතිකාරය ලබාදීමට හැකියාව ලැබෙනවා.

ඔබත් සමට සහ කෙස් කලඹට සත්කාර කිරීමට පෙර එය පරීක්ෂාවකට ලක්කරන්න. එමඟින් නිවැරැදි සත්කාරය හඳුනාගෙන ඉක්මන් ප්‍රතිඵල ලබාගත හකියි.

2019/02/13 තරුණි බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.