ගැලැක්සි නේල් ආ(ර්)ට්

මාර්තු 13, 2019

ළඳකගේ අතැඟිලි ඇගේ සුන්දරත්වයේ සහ පිරිසුදු බවේ කැඩපතකි. ඒ නිසාම ඈ තම නිය පෙළ කෙරෙහි විශේෂ අවධානයක් ද යොමු කරයි.

හැඩැති නිය පිළිබඳ සිතන සමහරෙක් නිය වර්ණක මඟින් තම නිය පෙළ වඩාත් සුන්දර කරගන්නට ද හිතයි. ඒ අයට වර්තමානයේ තෝරාගත හැකි නිය අලංකරණ විලාසිතාවක් වන්නේ ගැලැක්සි මෝස්තරයි. ඒ නිසාම අපි වර්ණවත් ග්ලැක්සි නිය මෝස්තරයක් කරගන්නා ආකාරය මෙලෙස ගෙන එන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කළු පාට නිය ආලේපන

නිල් පාට නිය ආලේපන

දම් පාට නිය ආලේපන

සුදු පාට නිය ආලේපන

ග්ලිටර් නේල් පොලිෂ්

බේස් කෝට්

වර්ණ ගන්වමු

පළමුව දෑත් සහ නිය හොඳින් සෝදාගන්න. ඉන්පසු නිය පෙළ හොඳින් පිසදා ගන්න. නිය කැපිය යුතු නම් කපා දමන්න. කුණු හොඳින් ඉවත්ව තිබිය යුතුයි. හොඳින් පිසදාගත් නියමත පළමුව බේස් කෝට් ආලේප කරන්න. එමඟින් නිය පෙළ ආරක්ෂා වේ. එය වියැළුණු පසු කළු වර්ණය ගෙන නිය මත ගල්වන්න. එය හොඳින් වියැළුණු පසු නිල් පාටගෙන මේක්-අප් ස්පොන්ජ් කොටසක ගල්වන්න. එම ස්පොන්ජ් කොටස ගෙන කළු ගැල් වූ නිය මත ගල්වන්න. එය වියැළුණු පසු දම් පාට ගෙන ස්පොන්ජ් කොටසක ගල්වා එය ද නියවල ගල්වන්න. වියළෙන්න තබන්න. දැන් සුදු පාටින් නිය මත ඩොට් තබාගන්න. ඒ සඳහා ඔබට නේල් ඩොටර් එකක් භාවිත කළ හැකියි. එය ද වියැළුණු පසු ග්ලිටර් ගල්වන්න. අංක අනුපිළිවෙළ නිරීක්ෂණය කිරීමෙන් මෙය වඩාත් හොඳින් පැහැදිලි වේවි.

දැන් ඔබට ලස්සන නිය පෙළක් දැකගත හැකියි. මෙලෙස ඔබට කැමැති වර්ණ භාවිත කරමින් ගැලැක්සි නිය මෝස්තර සකසා ගත හැකියි.