කුරුලෑ ඇතිකරනා හේතු 06ක්

මාර්තු 20, 2019

ජාන බලපෑම

කුරුලෑ සඳහා ජාන මඟින් විශාල බලපෑමක් එල්ලවෙනවා. ඔබගේ දෙමාපියනට මෙබඳු ගැටලු තිබුණා නම් එය ඔබටත් උරුම වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති අතර ඔබගේ එදිනෙදා පිරිසිදු කිරීම්,සත්කාර ගුණාත්මකව ඉටුකර ගැනීමෙන් පාලනයක් කරගත හැක.

බැක්ටීරියා

ඔබගේ ජංගම දුරකථනයත් මීට වගකියන්න පුළුවනි. ඔබේ දෑතට බැක්ටීරියා ලබාදෙන්නට ජංගම දුරකථනයට නිතැතින්ම හැකියාව තිබේ. නිතරම අතේ තබාගෙන සිටින දුරකථනයේ ඇති බැක්ටීරියා මුහුණ අල්ලන විට මේකප්, ක්‍රීම්, සමේ ඇති සීබම්, කුණු, දුහුවිලි සමඟින් එකතුවී ඍජුවම මුහුණ මත බැක්ටීරියා ඇති කරයි. නිතරම මුහුණ අතින් ඇල්ලීමෙන් වලකින්න, හෑන්ඩ් ෆ්‍රී සෙට් භාවිතා කරන්න.

හෝමෝන

වැඩිවිය පැමිණීම, ආර්තවය, ගර්භණී භාවය - මේ සියලුම කාරණා කුරුලෑ සඳහා උත්තේජනයක් ලබාදෙයි. තවද රෝගී තත්වයන් වන ස්ථිර හෝමෝන අසමතුලිතතා ද මේ සඳහා හේතුවේ. ඔබට ගැඹුරු විශාල කුරුලෑ හෝ කුෂ්ඨ වැනි ඒවා ඇත්නම්, හේතුව අපැහැදිලි නම් විෂයය පිළිබඳව සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසෙන්න.

 

නින්දෙහි අඩුපාඩු

නිසියාකාර නින්දක් නොලැබීම හා ආතතිය විටෙක එකටම පවතින කාරණා මුත් මේ කාරණා දෙකම කුරුලෑ සඳහා බලපායි.කොතරම් කාර්‍යබහුල වූවත් ඔබගේ සෞඛ්‍යය හා පෙනුම ගැන අවධානයක් දෙන්නේ නම්, මේ පිළිබඳව අවධානය යොමුකොට විවේකී නින්දක් හා සැහැල්ලු භාවයක් විඳීමට කාලයක් වෙන්කර ගන්න.

රූපලාවණ්‍යය ආලේපන

ඔබ භාවිත කරන රූපලාවණ්‍යය නිෂ්පාදන මිල අධික ඒවා වියහැකියි, නමුත් ඒවා කුරුලෑ ඇතිවීම සඳහා උත්තේජන ලබාදේ. ඓනම් සමහර අමුද්‍රව්‍ය සඳහා ඔබගේ පුද්ගල සංවේදනීයතාවට ප්‍රතික්‍රියා දක්වයි. සමහරක් ස්වභාවික සංඝටක, තෙල් වර්ග, සුවඳ කාරක සහ වෙනත් අමුද්‍රව්‍ය වර්ග මේවාට හේතුකාරක වේ. මෙම තත්ත්වයේ කුරුලෑ එම රූපලාවණ්‍යය නිෂ්පාදන භාවිතය නැවැත්වූ පසු සුවවේ.

ආහාර

බොහෝමයක් පුද්ගලයින්ට සමහර ආහාර-පාන වර්ග ආසාත්මිකතා හෝ පුද්ගල සංවේදනීයතාවට ගැටලු ඇතිකරයි. කිරි වර්ග, ග්ලූටන් අඩංගු ආහාර ( තිරිඟු, ධාන්‍ය ) , සෝයා හා ක්ෂණික ආහාර මේවායින් මුල්තැන ගනී. ආහාර කාලසටහනක් තබාගෙන මෙම සැක සහිත ක්‍රමයෙන් ඉවත්කරන්න. ආසාත්මිකතා පරීක්ෂණයකට යොමුවෙන්නත් පුළුවන්.