අභ්‍යාංග තෛල සම්බාහනයෙන් වාසි..

මාර්තු 20, 2019

නීරෝගී බව උතුම්ම සැපයයි. ඒ නිසාම රෝගී වූ විට රුව වැහැරෙන ලෙසින් ම නීරෝගි වූ විට රුව ද ලස්සන වීම නිතැතින් ම සිදු වන්නකි.

යම් රෝගයක් වැලඳුණ විට මෙන්ම රෝගයක් වැලඳීමට පෙර සිට ම කායික, මානසික සුවතාවය ඇතිකර ගැනීම සඳහා පිළියම් යෙදීම වැදගත් ය.

කයට මනසට සුව සහනය ළඟා කරදෙන ප්‍රතිකර්මයක් ලෙස මෙම අභ්‍යාංග තෛල සම්බාහනය අතීතයේ සිට බොහෝ දෙනා අතර ඉතා ජනපි‍්‍රය සම්බාහන ක්‍රමයකි. එමෙන්ම මෙය, නිසි ලෙස සෞඛ්‍යය රැකදෙන ක්‍රියාවලියකි.

අද සමාජයේ සිටින බොහෝ දෙනෙක් කායිකවත් මානසිකවත් අවිවේකී වීම නිසා පීඩාවට පත් වේ.

මනසට, කයට සුවය, නීරෝගි බාවය, ගෙන දෙන ආකාරයෙන් සිදු කරන විවිධ සම්බාහන ක්‍රම කිහිපයක් ම ඇත. ඒවා පිළිබඳ හොඳ අවබෝධයකින් හා අවධානයකින් මෙය කළ යුතුයි.

සම්බාහනය යනු තෙල් සිරුර පුරා ගැල්වීම හෝ අත තද කරමින් සිරුර පුරා අත ගෑම නොවේ.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.

 

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර