කොච්චර ලස්සන වුණත් පැළුණු කකුල් දැක්කම ඒ ලස්සන නැති වෙලා යනවා

අප්‍රේල් 10, 2019

තරුණියක්, මවක් වගේම ගෘහණියක් වශයෙන් විවිධ අවස්ථාවන්හිදී ජීවිතයේ සුවිශේෂි වූ සංධිස්ථානයන් කිහිපයක් පසු කරන විට කාන්තා ඔබට ඔබගේ ශරීර සෞඛ්‍යය වගේම රූප ස්වභාව පිළිබඳව සිතීමට කාලයක් නොමැති වන්නට පුළුවන්.

නව යොවුන් වියේදී බොහෝ තරුණියන් ලස්සනට හැඩට වැඩට ඉන්න ඉතාමත් කැමතියි. නමුත් විවාහ වී දරුවන් ලැබුණ පසුව කාන්තා ඔබට පැවරෙන වගකීම් හා කාර්යබහුල වටපිටාව තුළ බොහෝ අවස්ථාවන්හි රුවෙහි ලස්සන පිළිබඳව සිතීමට ඇති කාලය වියැකී යන්නට පුළුවන්.

නමුත් කාන්තාවක් මවක් වූ අවධියේ පටන් ලස්සනට සිටීම ඉතාම වැදගත්. විවාහ වී දරුවන් ලැබුණු පසු බොහෝ දෙනා සිතන්නේ ඉන් තවත් ඉදිරියට තමන්ගේ ශරීර සෞඛ්‍ය වගේම රුව ලස්සනට තබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. නමුත් අපි ජීවත් වන පරිසරය තුළ මෙවැනි පසුබිමක් පැවතිය ද බොහෝ පෙර අපර දෙදිග රටවල්හි කාන්තාවන් තමාගේ ශරීර සෞඛ්‍ය වගේම රුව ලස්සන පිළිබඳව ඉතාමත් සැලකිලිමත්. අන්න ඒ නිසාම බොහෝ කාලයක් තුළ ඔවුන් ඉතාමත් ලස්සන වගේම නිරෝගී ජීවිතයක් ගත කරනවා.

දරුවන් ලැබීමෙන් අනතුරුව කාන්තාවන්ගේ ශරීරය මහත්විම, අවලස්සන වීම කාන්තාවන්ට තිබෙන ප්‍රබල ගැටලුවක්. මෙකී ගැටලු කාන්තා ඔබට සාපේක්ෂ වශයෙන් පැවතිය හැකියි. නමුත් මහත හෝ තරබාරු අවලස්සන ශරීරය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් නොමැති වන්නට පුළුවන්. ඇතැම් විට ඒ නිසාම සැමියාගේ අවධානයත් වෙනතක යොමු වෙන්න පුළුවන්.

තරුණී තුළින් අද අප ඔබට කියන්න යන්නේ කාර්යය බහුල වටපිටාවක් තුළ වුව ද ඔබගේ ශරිරය හා රුව ලස්සන පිළිබඳව සිතා කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන. විශේෂයෙන්ම ලෙහෙසියෙන්ම ලස්සන වෙන්න පුළුවන් විදියක් ගැන. යොවුන් වියේදී වගේම වයස අවුරුදු හතළිහ පනහෙදිත් ලස්සනට ඉන්න මේ සරල සත්කාරයන් ඔබට වැදගත් වේවි.

අවපැහැ වූ සමට

අද කාන්තාවන් විවිධ විලාසිතා කරනවා. සමහර අයට ඒ විලාසිතා ගැළපෙන අතර තවත් අයට තියෙන පෙනුමත් නැති වී යනවා. එවැනි විලාසිතා අතර අත් කපපු, ශරීරයේ බොහෝ තැන් නිරාවරණය වන ඇඳුම් විලාසිතාවන් ද බොහෝ කාන්තාවන් අතර ජනප්‍රියයි. නමුත් කිහිලි කළු වෙලා, වැලමිට දණහිස් කළු වෙලා, සම අව පැහැ වෙලා තියෙන ශරීරයක් හිමි කාන්තාවක් අත් රහිත, දණහිසට වඩා කොට ඇඳුමක් ඇඳලා හිටියොත් කොතරම් අවලස්සනද?

එහෙම අව පැහැ වූ සමක් සහිත කාන්තාවන්ට ස්වභාවික බොඩි ස්ක්‍රබ් එකකින් අවපැහැය නැති කර ගන්න පුළුවන්.

ඒ සඳහා සුදු හඳුන් කුඩු, වෙනිවැල් ගැට, කොකුම් පොතු, සැවැන්දරා පොතු කුඩු මිශ්‍ර කරලා කුඩා බෝතලයකට දාලා තියාගන්න. සබන්, ෂැම්පු ගාලා කුණු අතුල්ලලා නාලා ඉවර වුණාට පස්සේ අර සකසා ගත් මිශ්‍රණයෙන් මේස හැඳි තුනක් අරගෙන ඒකට වතුර මිශ්‍ර කරලා කලවම් කරලා හොඳින් ඇඟේ ආලේප කරන්න. ඉන් පසු අතෙන් රවුමට රත් කරමින් ස්ක්‍රබ් කරන්න.

ඒ වගේම සම වේළිලා නම් ඔබට පුළුවන් ඒ මිශ්‍රණයටම කෝමාරිකා ජෙල් හෝ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා ස්ක්‍රබ් කරන්න. විනාඩි 15 ක් පමණ තියලා සෝදා හරින්න.

කුරුලෑ පිරුණු මුහුණකට

තවත් කාන්තාවන් ඉන්නවා සම පැහැපත්. එහෙත් මුහුණ කොස් කට්ට වගේ කුරුලෑ පිරිලා. බලන්න බෑ. ඒ අයට පුළුවන් කෝපි සහ කුරුඳු කුඩු සම ප්‍රමාණවලින් ගෙන එයට රෝස වතුර හරි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා මුහුණේ ආලේප කරන්න. ඊට පස්සේ හොඳට ස්ක්‍රබ් කරලා විනාඩි 5 කින් සෝදා ඉවත් කරන්න.

ඇහි බැම අඩු නම්

සමහර කාන්තාවන්ගේ ඇහි බැම ඇත්තේම නෑ. ඒවා අයි බ්‍රෝ පෙන්සිල් එකෙන් ඇන්දත් හොඳට හොයන්න පුළුවන්. ඝන ඇහි බැමක් වවා ගන්න නම් විටමින් ඡ් කරලක් එක්ක එඬරු තෙල් සහ ආමන්ඩ් ඔයිල් බිංදුව බිංදුව එකතු කරලා ඇහි බැම මත හොඳින් ආලේප කරන්න. ඉන් පසු වෙඳඟිල්ලෙන් හොඳට ඉහළට පිරිමදින්න.

 

2019/04/10 තරුණි බලන්න