40 න් පසු රුව ගැටලු

මැයි 22, 2019

හැඩැති සිරුරක් ලබාගත හැකි ද?

 

ප්‍රශ්නය - 32 හැවිරිදි අවිවාහක කාන්තාවක් වන මා ශරීරයේ හැඩය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. මෙතෙක් කල් මට තිබුණේ හැඩැති සිරුරකි. නමුත් මෑතක සිට මා මහත් වෙමින් පවතී. කෑම පාලනය කළත් ඉන් ප්‍රතිඵලයක් නොමැත. ශරීරය කෙට්ටු වීමට ලබා ගන්නා විවිධ ටැබ්ලට් වර්ග ගැන මා අසා ඇත. නමුත් ඒවායින් අතුරු ආබාධ ඇතිවේ යැයි බියක් දැනෙයි. එවැනි ටැබ්ලට්වලින් ශරීරය කෙට්ටුවීමක් සිදු වනවා ද? අතුරු ආබාධ ඇති වන්නේ නැති ද?

 

අලව්ව - ඉශංකා

 

පිළිතුර

බර අඩු කරගැනීම තවමත් බොහෝ දෙනාගේ සිහිනයක් පමණයි. පෝෂ්‍යදායි ආහාර කොපමණ ලබාගත්තත් ව්‍යායාමවල නිරත වුවත් ඔබගේ ශරීරයේ බර සැලකිය යුතු මට්ටමකින් අඩුවී නැත්නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් දැක්වීම වැදගත්.

කාර්යබහුලත්වය නිසාම බොහෝ දෙනෙක් උදෑසන ආහාර වේල මඟහරිනවා. නමුත් උදේ ආහාරය නොගැනීම තරබාරුබවට ප්‍රධානම හේතුවක්.

එමෙන්ම ආහාර පාලනය කරනවා කියා තවත් අය රාත්‍රි ආහාර වේල නොගෙන සිටිනවා. දවසේ වැඩි කාලයක් නිරාහාරව සිටින්නේ රාත්‍රි කාලයේදීයි. එම නිසා රාත්‍රී ආහාර වේල නොගෙන නින්දට යාමෙන් වැඩිපුර ග්ලූකෝස් ප්‍රමාණයක් ශරීරය විසින් නිපදවයි. එය තරබාරු බවට හේතුවක්. රාත්‍රියට ඇපල් ගෙඩියක්, අඹ ගෙඩියක් වැනි දෙයක් ආහාරයට ගන්න. එමඟින් පූර්ණ ආහාරයක පෝෂණයක් ලබා ගත හැකියි. පිෂ්ඨය සහිත ආහාර හැකිතාක් සීමා කරන්න. එළවළු වර්ග නිතර ආහාරයට ගන්න.

එමෙන්ම සෑම ආහාර වේලකට පසුවම උණු වතුර පානය කරන්න. එමගින් අමතර කැලරි දහනය වීමක් සිදු වෙනවා.

තේ පානය වෙනුවට ග්‍රීන් ටී පාවිච්චි කරන්න. ඒ වගේම ඔබ රාත්‍රියට ආහාර ගන්නා වේලාවත් වැදගත්. රාත්‍රී ආහාර ගත් විගස ඇඳට යාමෙන් උදරය නෙරා යෑම වැනි තත්ත්වයන් හට ගන්නා අතර එය ශරීර සෞඛ්‍යයට ද අහිතකරයි.

ආහාර පාලනය කිරිමෙන් පමණක්ම හැඩැති සිරුරක් ලබා ගත නොහැකියි. දිනකට විනාඩි 20 ක් පමණවත් ව්‍යායාම කළ යුතුයි. එමෙන්ම නිරෝගී මනසක් පවත්වා ගැනීමත් වැදගත්.

ශරීරය කෙට්ටුවීම සඳහාම නිෂ්පාදනය වූ විවිධ බෙහෙත් වර්ග රාශියක්ම මේ වන විට වෙළෙඳපලේ දී දැක ගත හැකියි. එමෙන්ම ඒවායින් සතියෙන් දෙකෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවත් ඔවුන් පවසයි. නමුත් මේවා ශරීරයට හිතකර නොවේ. එම ඖෂධ මඟින් ක්ෂණිකව මේදය දහනය වීමක් සිදුවිය හැකි නමුත් ඇති කරන්නා වූ අතුරු ප්‍රතිඵල බොහොමයි.

එබැවින් ඉහත සඳහන් කළ කරුණු අනුගමනය කිරිමයි වඩාත් සුදුසු. එමගින් ලැබෙන ප්‍රතිඵලය ප්‍රමාද වුවත් සාර්ථක සුබදායි ප්‍රතිඵලයක් ලබාගත හැකියි.

නිල තෙරපුමේ ප්‍රතිලාභ

ප්‍රශ්නය - අවුරුදු 67 ක කාන්තාවක් වූ මට ඇත්තේ සාමාන්‍ය සමක් සහිත පැහැපත් මුහුණකි. මා සතියකට වරක් නිල තෙරපුම් කරන්නෙමි.

පළමුව නිකට යට වාර 50 ක්, උඩුතොලහි වාර 50 ක්, නාසය යට වාර 50 ක්, කම්මුල් දෙපැත්ත වාර 50 ක්, නළල දෙපස වාර 50 ක්, ඇහැබැම මැද වාර 50 ක්, දෑස් දෙපස වාර 50 ක්, කන්මුල් සහ කන්පෙති වාර 50 ක් ද බැගින් නිල තෙරපුම කරන්නෙමි.

තවද කම්මුල් පුම්බා සුළං බෝලයක් මෙන් සුළං අරින්නෙමි. එයට වාර 30 ක් කරමි. තවද මුහුණ පිරිසුදු කර අයිස් කැටවලින් තවන්නෙමි. මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්නෙමි.

නිල තෙරපුම මඟින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? මුහුණ පෘෂ්ඨිමත් විමට සත්කාරයක් තිබේද? එමෙන්ම බෙල්ල රැලි වැටීම වළක්වා ගැනීමට උපදෙසක් ලබා දෙන්න.

 

2019/05/22 තරුණි බලන්න