මැණික් පැලඳීමෙන් ජීවිතයට සැප සතුට වාසනාව ලැබෙන බව ඇත්තක් ද?

ජුනි 16, 2021

 

මැණිකක් පැලඳීම අතීතයෙහි පටන් සමාජයෙහි පවතින සම්ප්‍රදායකි. එදා සිට අද දවස දක්වා රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ සිට සාමාන්‍ය ජනයා දක්වා මැණික් පැලඳ සිටීනු අප දැක තිබෙනවා.

 

මිනිසා මැණිකක් පැලඳ ගැනීමට මේ තරම් තදබල කැමැත්තක් දක්වන්නේ මෙම වටිනා පාෂාණය පැලඳීමෙන් ජීවිතයට බලය, ශක්තිය, නිරෝගී බව, ආදරය ආදී වූ බොහෝ කාරනා ළංකරන බවට කාලාන්තරයක් තිස්සේ පවතින විශ්වායයි. මෙලෙස සුබ පල ලබා ගැනීමේ මැණිකක් පැලඳීමට ඔබත් අපේක්ෂා කරනවා නම් ඔබට ගැළපෙන මැණික තෝරාගන්න ඔබ දැන සිටිය යුතුම කරුණුයි මේ.

මැණිකක් කියන්නෙ පාෂාණයක්. මැණිකක පවතින විකීරණශීලි ගතිය මගින් තමයි මැණිකක බලය තීරණය වෙන්නෙ. අප මැණිකක් පැලඳ සිටින විට එම මැණික මතට හිරු කිරණ වැටීමත් සමග නිකුත් වන කිරණ අපේ ශරීරයට වැටෙනවා. ඒ සමඟ අපවෙත ආකර්ශන ශක්තියක් ගොඩ නැගෙනවා. මැණිකක් පැලඳීමෙන් අපට අවශ්‍ය දේවල් අප වෙත ළඟාකර ගැනීමේ බලයක් ලැබීම, අප තුළ පවතින සෘණාත්මක ගති ලක්ෂණ නැතිකර දැමීම, අපේ ශරීරයෙහි ඇති සුව කිරීමේ හැකියා වර්ධනය කිරීම, අප තුළ තිබෙන කම්මැලි බව දුරලා උද්යෝගය වැඩි කිරීම ආදී වූ ශක්තීන් ළඟාකර ගැනීමට අපට හැකිවනවා.

නමුත් මැණිකක් පැලඳීම ආවාට ගියාට කළ යුතු කාරණයක් නම් නොවෙයි. මන්ද මැණිකක් පැලඳීමෙන් අපේක්ෂා කරන ශක්තීන් ළඟාකර ගන්න නම් නමුන්ට ගැළපෙන්නේ කුමනාකාරයේ මැණිකක් ද? තමන් පලඳින මැණික් ගල සැබෑ මැණිකක් ද? එය මැරුණ මැණික් ගලක් ද? ආදී කාරණා ගැන විමසීමක් කළ යුතුමයි. එවන් විමසීමකින් තොරව මැණිකක් පැලඳීමෙන් අයහපත් ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්න පුළුවන්. අද බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නය නම් සැබෑ මැණික් ගලක් හඳුනා ගන්නේ කෙසේ ද යන්නයි.

වෙළෙඳ පොළේ මැරුණ මැණික් මෙන්ම කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද මැණික් බහුලව තිබෙනවා. සැබෑ මැණික් ගලක ඝනත්වය හා බර ඉතා වැඩියි. එවන් පාෂාණයකට ඉර එළිය වැටුණ විට එහි තුළ ගැබ්වෙලා තිබෙන ශක්තියෙන් වර්ණය වෙනස් වෙනු දැකගත හැකිය. සැබෑ මැණික් ගලක නිකුත් වන එළිය වෙනත් කිසිදු ගලකින් දැකගත නොහැකියි. සැබෑ මැණිකක් කිසිදු දෙයකින් සීරෙන්නේ ද නැත. මැණික් ගලක් සීරෙන්නේ දියමන්තියකින් පමණි. මැරුණ මැණික් ගලක් රත්කර වෙනස් කර මැණික් ලෙස ඉදිරිපත් කිරීම්ද බහුලය. එලෙස භෞතික ස්වභාවය වෙනස් කළ විකෘති වූ ගලක් පැලඳ සිටීමෙන් ලැබෙන ප්‍රතිපලයත් විකෘති විය හැකිය. ගලක් පලඳිනවා නම් එය ස්වභාවික ගලක් විය යුතුයි. මැණිකක් පොළොවෙන් ලබා ගැනීමෙන් පසුව ඔප දමා, පදම් කර එහි ජීවි බව ආරක්ෂා කළ යුතුය. ඔබ මැණික් ගලක් පලඳින විට ගලක් පැළදීමට සැළකිලිමත් වන්න

අනික් ප්‍රධානම කාරණය වන්නේ මැණිකක් පළදිනවා නම් ඒ පිළිබඳ අවබෝධය හා දැනුමඇති කෙනෙකගේු සහය ලබා ගත යුතුයි මැණිකක් පැලඳීමට ඔබ යොමු වනවා නම් මැණික් පැලඳීම ගැනඇති මිත්‍යා මතවාද ඔබ නොමග යැවිය හැකිය එබැවින් සැබෑව හඳුනාගෙන ඔබට ගැළපෙන මැණික් ගල පලඳින්න අනිවාර්යෙන්ම සිත තබාගන්න අප එකිනෙකාට අවශ්‍ය සුබ ප්‍රතිපලය ලබාගැනීමට පැලඳිය යුතු මැණික් සේම එය ශරීරයෙහි පැලඳීමට සුදුසු ලෝහයකුත් තිබෙනවා. මැණික් ගලක් අල්ලා මුද්දක් සාදා ගෙන පැලඳීම තමයි ජනප්‍රියම මැණික් පලඳින ආකාරය. එපමණක් නෙවෙයි මේ මුදු වලට අපල මුදු යන හැඳින්වීම ද සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතිනවා. ඇත්තෙන්ම ඒවා අපල මුදු නොව නොව සපල මුදු ලෙසයි හැඳින්විය යුතු වන්නේ. මැණික් ගලක් පලඳිනවා නම් එය ශරීරයේ ස්පර්ෂ වන ලෙස පැලඳිය යුතුයි කියා මතයක් ද පවතිනවා. නමුත් ඒ තත්වය ද එකිනෙකාට වෙනස් විය හැකිය. ඊළඟට කෙනකුට විවිධ ග්‍රහයන්ගේ බලපෑම ඇති විට එම ග්‍රහයාට අදාල ගලම පළදිනු අප දකිනවා. එවිට වන්නේ එම ග්‍රහයා තවත් අපට ළං වීමයි. නමුත් විය යුත්තේ තමන්ට සුබපල ගෙනෙන ග්‍රහයන් බලවත් කරන මැණික් ගල් පැලඳීමයි. වර්ථමානයේ ජනප්‍රියම මැණික් ඔබට ගෙනෙන වාසනාව විමසමු.

 

නිල් මැණික් (බ්ලූ සෆායර්)

නිල් මැණික ප්‍රසිද්ධ සෙනසුරු ග්‍රහයාට අයිති පාෂාණය ලෙසයි. මෙයට කාක නිල, නීලම්, නිල් මැණික ආදී හැඳින්වීම් තිබෙනවා. දියුණු වන්න අපේක්ෂා වෙන අය කාක නිලක් පැලඳීම ඉතා යහපත්. මෙම මැණිකෙන් ඔබට ලැබෙන ආකර්ශනය මගින් හතුරු කරදර වැළකී යාම වාසනා ගුණය වැඩිවීම, තමා තුළ ඇති කලබලකාරී බව අඩු කර දැමීම, තමන්ට සමාජයේ ආකර්ශනය වැඩි වැඩියෙන් ලැබීම, උසස් වීම් හිමිකර දීම, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් ඉටුකිරීම ආදී සුබපල ළඟාකර දෙනු ලබනවා. මේ ගෙවෙන්නේ ඔබට සෙනසුරු අපල කාලයක් නොවේ නම් නිල් මැණිකක් පැලඳීම අයහපත් නැත.

 

දියමන්තිය ( ඩයමන්ඩ්)

දියමන්තිය අයිති වන්නේ සිකුරු ග්‍රහයාටයි. මෙය මැණික් ගලකටත් වඩා ඝනත්වයෙන් වැඩි පාෂාණයක්. තමා වෙත අන්‍යයන්ගේ ආකර්ශනය වැඩි කිරීම, සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම, කම්මැලි ඔතෑනි ගතිය අඩු කර උද්යෝගිමත් බවක් ඇති කිරීම ආදී සුබපල දියමන්තිය ඔබ වෙත ළඟාකර දෙනවා. එසේම දිමන්තියක් පලඳිනවා යනු අනාගත ආයෝජනයකි. දියමන්තියක මිල කිසිදාක අඩු වෙන්නේ නැත. දියමන්තිය පැලඳීමෙන් අපේක්ෂා කළ අවශ්‍යතාවය අවසන් වු විට නැවත ඉහළ මිලකට එය අලෙවි කළ හැකිය.

 

රතු කැටය (රූබි)

සූර්යයාගේ ශක්තිය ඔබ වෙත ඉතා දැඩිව ආකර්ශණය කරන මැණික් විශේෂය ලෙස රතු කැටය හඳුන්වන්න පුළුවන්. මෙය මිල අධික ගලකි. රතු කැටයක් පලඳින්නේ සමාජයේ කැපී පෙනෙන නායකත්වයේ ලක්ෂණ ඇති අයයි. මන්ද රකු කැටය මගින් ඔවුන්ගේ නායකත්ව ලක්ෂණ වැඩි කිරීම, ආත්ම විශ්වාසය වැඩි කිරීම, තමා තුළ ආදරය කරුණාව දයාව වැනි කාරණා වඩවාලීම, මානසික සංකුලතා අඩු කිරීම, ආතතියෙන් ඔබ මුලදවාලීම මෙන්ම ඔබේ පෞරුෂත්වය සංවර්ධනය කිරීමට රතු මැණිකට හැකියාව පවතිනවා. රතු මැණික් ලංකාවේ දුර්ලභය. එසේම වෙළෙඳ පොළෙහි ලංකාවේ රතු කැටයකට ඉහළ වටිනාකමක් හා ඉල්ලුමක් ඇත. බොහෝ විට වෙළෙඳ පොළට රතු කැට ලැබෙන්නෙ මැඩගස්කරයෙනි.

 

පුෂ්පරාගය (යෙලෝ සෆායර්)

පුෂ්පරාගය ඥනයට අධිපති ගුරු ග්‍රහයාගෙන් ලැබෙන පල වැඩි දියුණු කරන මැණික් විශේෂයයි. මෙම මැණිකට අතීතයෙහි වැඩි වටිනාකමක් ලැබී තිබුණේ නැත. වර්තමානයේ පුෂ්පරාගය වටිනාකමෙන් වැඩි ගලකි. පුෂ්පරාගයෙන් නිකුත්වන කිරණයෙන් කාන්තාවන්ගේ මානසික සතුට, කෙනෙකුගේ රූපය, පැහැය, ආදරය, සතුට වැඩිකරයි. එසේම පුෂ්පරාගය නිවැරැදි තීරණ ගැනීමට ලොකු සහයක් ලබාදෙන, විනය ගරුක බවත් ලබාදෙන මැණිකකි. විනිසුරු වරුන්, ලේඛකයන් ආදී සමාජයෙහි කැපී පෙනෙන වෘත්තිකයන් පුෂ්පරාගය ගල පලඳියි.

 

 

 අදහස්

සළුවඩන ජෙම්ස් හා ජුවලරි

ආයතනයේ අධිපති