කටට කෙළ උනන අමුතු විලාසිතා

දෙසැම්බර් 4, 2018

චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගියදා පැවැත්වුණා. පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමීව එය සංවිධානය කර තිබුණු අතර වාර්ෂික පැරිස් චොකලට් වෙළෙඳ ප්‍රදර්ශනය ද මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

ලොව විශාලතම චොකලට් ප්‍රදර්ශන අතරින් එකක් ද වන එය, මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටයි. එහි ආරම්භය සනිටුහන් කරමින් තමයි චොකලට් ඇඳුම් නිර්මාණය ඇතුළත් විලාසිතා දැක්ම පැවැත්වුණේ.

ඒ සඳහා ප්‍රංශයේ සුපිරි තරු රැසක් සහභාගිවී සිටි බවත් සඳහන්. මෙම චොකලට් විලාසිතා ප්‍රංශ සංස්කෘතියේ එක් සුවිශේෂි අංගයක් ද වෙනවා.

මෙම ප්‍රදර්ශනයේ චොකලට් ඇඳුම් නිර්මාණය කිරීමට අතිදක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පීන් බොහෝදෙනෙකු දායකවී ඇති අතර චොකලට් වර්ග රැසක් ඊට උපයෝගී කරගෙන තිබුණා.

අන්තර්ජාලය ඇසුරිනි