යහපත්, සවිමත් යුග දිවියකට මනෝවිද්‍යාවෙන් අත්වැලක්

දෙසැම්බර් 12, 2018

විෂම අදහස් ඇති, විෂම පරිසරයන්හි හැදුණු වැඩුණු, දෙදෙනකුගේ එකතු වීමක් තමයි විවාහයේ දී සිදුවන්නේ. ඔවුන් එකට සිටින විට ඇතිවන නොයෙක් අදහස්, මත ගැටීම් නිසා යුග දිවියේ සතුට නැතිවන අවස්ථා අප ඕනෑතරම් දැක තිබෙනවා.

ඉන් බොහෝ ගැටලු මතුවන්නේ එකිනෙකා තුළ පවතින පරස්පර විරෝධී අදහස් නිසායි. මේවා ඉතාම පුංචි හේතුවක් නිසා වන්නටත් පුළුවන්. මෙන්න මේ වගේ හේතූන් නිසා බිඳ වැටෙන පවුල් ජීවිත අනන්තවත් තියෙනවා. ඒවාට සරලව පිළිතුරු ලබාගත හැකි ක්‍රමයක් තමයි මනෝ විද්‍යා උපදේශන සේවයට යොමු වීම. ඉන් යහපත් යුගදිවියකට ලැබෙන අත්වැල කියානිම කළ නොහැකියි. ඔබට ගැටලුකාරී තත්ත්වයන් මතුකරන එවන් අවස්ථාවලට මෙන්න මේ වගේ මනෝ ප්‍රතිකාර ලොකු සහනයක් වේවි.

* වගකීම් සහගත වන්න.

* ඔබේ සහායකයාට/සහායිකාවට සක්‍රීයව සවන් දෙන්න.

* ඔහු/ ඇය අගය කරන්න.

* ඔහුට/ඇයට ආකර්ෂණය ඇතිවන පරිදි ජීවත් වන්න.

* බුද්ධිමත්ව කටයුතු කිරීමට ක්‍රමයෙන් පුරුදු වන්න.

* ඔහුව/ඇයව හැකි සෑම විටම ඔබගේ කටයුතුවලට සහභාගී කරගන්න.

* ඔහුගේ/ඇයගේ පෞද්ගලිකත්වයට ඉඩ දෙන්න.

* අවංක හා විශ්වාසවන්ත වන්න.

* ඔබගේ අවශ්‍යතාවන් ඔහුට/ඇයට පවසන්න.

* ඔහුගේ/ඇයගේ අඩුපාඩු පිළිගන්න.

* ඔහුට/ඇයට ගරුකිරීමට පුරුදු වන්න.

* යම් යම් දේවල් පිළිබඳ සමතයන්ට පැමිණෙන්න.

* අතීතයේ අමිහිරි සිදුවීම් අමතක කරන්න.

* ඔබ අකැමැති ලිංගික ක්‍රියාකාරකම්වලට විරුද්ධ වන්න.

* ඔබේ හාස්‍යය රසය වැඩි දියුණු කරගන්න.

* ඔබේ ආචාරධර්ම තුළ ජීවත් වන්න.

* කිසි දින ඔහුගෙන්/ඇයගෙන් වෙන්වන බවට තර්ජනය නොකරන්න.

* සබඳතාවන් සදාකාලික බව නොසිතන්න. එහෙත් දිනපතා ඔබේ සැමියාට/බිරියට ළංවීමට කාලයෙන් බිඳක් වෙන් කරගන්න.

* එමෙන්ම කිසිදින ඔහු/ඇය අත් නොහරින්න.

 

පවුල් ජීවිතයේ ගැටලු හේතුවෙන් ඔබ දෙපළ සුසුම් හෙළමින් ජීවත් වන්නේ ද? කැදැල්ලේ සතුට ගිලිහීමෙන් පුංචි එවුන් අසහනයෙන් ද?

මනෝවිද්‍යා උපදේශනය මඟින් ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්න ඔබටත් පුළුවන්. විඳවන පවුල් ජීවිතය විඳින්නට මනෝ විද්‍යාවෙන් පහත ආකාරයට ඔබට සහාය ලබාගත හැකියි.

1. පූර්ව විවාහ උපදේශනය ((Pre Marrital Counselling)

 

2. පවුල් උපදේශනය (Family Counselling)

 

3. යුගදිවි ප්‍රතිකාර (ඛ්ධභනතඥ ඊඩඥපචනර)

 

4. ලිංගික ප්‍රතිකාර (Couple Therapy)

නිල්මිණී හෙට්ටිගොඩ

මනෝ චිකිත්සක හා මනෝවිද්‍යා උපදේශිකා