සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය වූ ලින්කන්

ජනවාරි 23, 2019

සිඟිති විය ගෙවා අහවර සුන්දර සමනල් ලෝකයේ දොරටු විවර වෙයි. යමක් කමක් තේරුම් ගන්නට හැකි වූ දා සිට නෙතු පුරා හීන දකින්නේ ලස්සන ලෝකයක් දෑස් ඉදිරියේ සිත්තම් කරගනිමිනි. පාසල් විය අවසන් වන්නේ මේ සිහින ලෝකයට පාර පෙන්වමිනි.

නමුදු සියල්ලන්ටම ඉක්මනින්ම තමන් දැකි සිහින සැබෑ කරගන්නට හැකිවෙන්නේ නැත. මෙසේ සිහින ඉටු නොවුණ විගස අපේ තරුණ දරුවන්ගෙන් වැඩි පිරිසක් සිහින ඉටුකරගන්නට නොහැකිව පසුතැවේ. සුසුම් හෙළති. සමහරු ජීවිතයට සමු දෙති.

බොහෝදෙනෙක් සිතන්නේ ‘මේ මගේ අවාසනාව’ යැයි කියාය. යමක් එකවරම ඉටුකරගන්නට නොහැකි වූවාට පසුතැවිය යුතු නොවේ. සුසුම් හෙළිය යුතු නොවේ. ජීවිතයට සමු දිය යුතු නොවේ. ඒ අසාර්ථක වීම ඔබට පමණක් සිදු වූ දෙයක් නොවේ. ලොව වැඩි පිරිසක් මෙතෙක් මුහුණ දුන් හෙට දවසේ දී ද මුහුණ දෙන දෙයකි.

ඔබ කළ යුත්තේ සිත ශක්තිමත් කරගෙන අසාර්ථක වීම් හමුවේ ජීවිතය තව තවත් ශක්තිමත් කරගැනීමය. ඔබ ශක්තිමත් නම් මොනතරම් අසාර්ථක වීම් සිදු වුවද සාර්ථකත්වය අත්කර ගෙන මිසක නවතින්නේ නැත.

මිනිසුන්ගේ සාර්ථක අසාර්ථක බව රැඳී ඇත්තේ ඔවුන් ක‍‍්‍රියාකරන ආකාරය මතය. බොහෝ අය එක්වරක් දෙවරක් අසාර්ථක වීමත් සමඟ ජීවිතය මෙන්ම අරමුණු හා බලාපොරොත්තු ද අත්හරිති.

එහෙත් ධෛර්යවන්තයා එසේ නොවේ. ඔහු කොතරම් අසාර්ථක වුවද සාර්ථකත්වය අත්කරගෙන මිසක පසුපස බලන්නේ නැත. එසේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගිය මුළු මහත් ලෝකයම ආදරය කරන ශ්‍රේෂ්ටයන් නම් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. අද අපේ කතා නායකයා වන්නේ ද එවැනි ලෝකයටම එක් අයෙක් පමණක් වූ පුද්ගලයෙකි. වහල් මෙහෙය ලොවෙන් තුරන් කළ අමෙරිකාවේ දහසය වැනි ජනාධිපතිවරයා ඔහුයි.

හේ ඒබ‍‍්‍රහම් ලින්කන් නම් විය. මේ සොඳුරු මිනිසා පසුපස ඇත්තේ අනුවේදනීය කතා පුවතක්ය. නමුත් සාර්ථකත්වය පිළිබඳ කතා කිරීමේ දී මුළු මහත් ලෝකයටම ආදර්ශ ගෙන දෙන්නෙක් ලෙසින් ඉදිරියෙන්ම හිඳීන්නේ ඔහුයි. අසාර්ථකත්වය සාර්ථකත්වයට පාරක් කරගත් ඔහුගේ ජීවිතයෙන් ඔබට ගත හැකි ආදර්ශයන් ද බොහෝය. වැඩිම වාර ගණනක් අසාර්ථක වූ පුද්ගලයා ද ඔහුය. ඔහු තරමට අසාර්ථක වූ පුද්ගලයෙක් පිළිබඳ ඔබ ද අසා නැතුවාට සැක නැත.

පැරදීම් බහුලයි

දුප්පත්කම දායාදක් ලෙස ගෙන උපදින ලින්කන් මුහුණ දුන් පරාජයන් ගණන ද සුළු නොවේ.

ඡන්ද අටක් පරාජයට පත්වන අතර ව්‍යාපාර කිරීමට ගොස් දෙසැරයක් අසාර්ථක වෙයි. එහෙත් ඒ එක් අවස්ථාවකදීවත් ඔහු පරාජය භාරගත්තේ නැත. හේ කළේ නැවත නැවත උත්සාහ කිරීම පමණි. අවසන ඔහු නතර වන්නේ අමෙරිකානු ඉතිහාසයේ කීර්තිමත්ම ජනාධිපතිවරයෙක් ලෙසය.

පළමුව 1826 දී සිය පවුලේ අය සමඟ නිවෙසින් යන්නට සිදු වෙයි. ඒ නිසා පවුලේ අයට උදව් කරන්න රැකියා කරන්න සිද්ධ වුණා. 1818 දී තමන්ගේ ආදරණීය අම්මා මිය යනවා. 1831 දී ව්‍යාපාරය අසාර්ථක වෙනවා.

1832 දී රාජ්‍ය ව්‍යවස්ථාදායකයට තරග කර පරදිනවා. ඒ අවුරුද්දේදීම රැකියාව අහිමි වෙනවා. නීති විද්‍යාලයට යාමට අවශ්‍ය වෙනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ඒ සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. රැකියා කරන ගමන් මහ රෑ නිදිවරමින්, ගමන් යන අතර මඟ නතරවෙමින් පාඩම් කරලා නීතිඥයෙක් වෙන හීනය හැබෑ කරගන්නවා. ඒ සඳහා ඔහු අපමණ දුක් විඳිනවා.

2019/01/21 තරුණි බලන්න.