කාලය රන් හා සමානයි ද ඊටත් වඩා වටිනව ද

ජනවාරි 30, 2019

කාලය රන් හා සමානයි කියලා බොහෝ කාලෙක ඉඳල අපි අහල තියෙනවා. එන්න එන්න රන් මිල ඉහළ යද්දිත් ඩොලර් එක ඉහළ යද්දිත් රන්වල වටිනාකම වැඩි වෙනවා. එසේ නම් තවමත් කාලය රන් හා සමාන ද? නැද්ද? මේ දෙකම අපේ ජීවිතේට සම්බන්ධයි. රන් ද කාලය ද වැඩිපුර වටින්නෙ කියලා හිතන්න ඔබට මේ පුංචි කතාව ඉඩදේවි.

තාත්තා කෙනෙකුයි, පුතෙකුයි පොඩි සෙල්ලමක් කළා ගෙදර පොත් තියන කබඩ් එක ළඟට ගිහින් කැමැති පොතක් ගන්නට. විනාඩි 10 ක් ඇතුළත ඒ පොතේ තියෙන රන් කියන වචනය සොයනවා. වැඩි වාර ගණනක් රන් කියන වචනය හොයාගන්න කෙනාට දිනුම ලැබෙනවා.

හැබැයි ඒ රන්වලින් කරන දේවල් ලියන්නත් ඕනේ. මේ විනාඩි 10 ක කාලය ඒ දෙදෙනා නම් කරලා තිබුණේ ජීවිත කාලය කියලයි.

තරගය ඇරඹුණා.

ඔරලෝසුවත් ක්‍රියාත්මක වුණා. තාත්තා කබඩ් එකෙන් පොතක් අරගෙන රන් වචනය හොයන්න පටන් ගත්තා.

පුතා තවත් පොතක් අරන් රන් වචනය හොයන්න ගත්තා. කාමරය පුරා නිහැඬියාවක් තිබුණා. ඇහුණේ පොත්වල පිටු පෙරළන හඬ විතරයි.

එකවරම "මං රන් එකක් හොයාගත්තා" පුතා සතුටින් කිව්වා. ටික වෙලාවකින් පුතා තවත් රන් එකක් කියලා කිව්වා.

"මටත් රන් එකත් හම්බවුණා."

තාත්තත් කිව්වා. මට 3 වැනි රන් එකත් හම්බ වුණා. පුතා කිව්වා. මටත් තව එකක් හම්බ වුණා කියද්දිම මට තව රන් එකක් පුතා කෑගැහැව්වා ටික වේලාවක් යද්දි තාත්තා පොත පෙරළන එක තියලා කොළයක මට මොනවද ලියනවා පෙනුණා. මට තව රන් එකක් හම්බ වුණා පුතා විටින් විට සතුටින් කියන්න වුණා.

තාත්තේ දැන් තාත්තගේ රන් කීය ද? මගේ රන් 3ක් තියෙනවා.

තාත්තා උත්තර දුන්නා. අයියෝ තාත්තෙ ඔයා පරාදයි. මං දැන් රන් 10 ක් හොයාගෙන තියනවා. පුතා සතුටින් උත්තර දුන්නා. තාත්තාට වේගෙන් කියවන්න බැරුව ඇති නැත්නම් ඔය පොතේ රන් වචන අඩු ඇති.

පුතා කියන්නට වුණා. හරි හරි රන් සෙවීමෙන් පුතා දිනුම්.

දැන් මිනිත්තු 9 යි. තව තියෙන්නේ තත්පර 60 දැන් පුතා ඔය හොයාගත්ත රත්තරන්වලින් කරන දේ ලිව්වද? තාත්තා ඇහැව්වා මම නම් මගේ රන් 3න් කරන දේ ලිව්වා. ආ.... තාත්තේ මට තාම ලියන්න බැරි වුණා.

"මං කියන්නම් කරන දේ. පුතා මඳක් කල්පනා කළා. රස චොකලට් මල්ලක් ගන්නවා. ලස්සන සුපිරි කාර් එකක් ගන්නවා.

හොඳ තට්ටු 3 ක ගෙයක් හදනවා. ලෝකෙ වටේ යනවා ලස්සන තැන් බලන්න. සතුටින් පුතා කිව්වා.

"පුතා ඔයාගෙ එක බලාපොරොත්තුවක් වත් ඉටුකරගන්න ලැබෙන්නෙ නෑ. ඔයාගෙ විනාඩි 10 ජීවිත කාලයෙන් මිනිත්තු 9 යි. තත්පර 30 ක් ගෙවිලා ඉවරයි."

"ඔයාගෙ අවසාන තත්පර 30 ඉතුරු වෙලා තියෙන්නේ. "

"දැන් ඔයා හොඳටෝම වයසයි. චොක්ලට් කන්නවත් කාර් එලවන්නවත් ලෝකේ වටේ සවාරියන්නවත් කාලය ඉතුරු වෙලා නෑ. ඔයාගෙ ජීවිත කාලෙ විදිහට ලැබුණු විනාඩි 10 න් විනාඩි 9ක්ම ඒ කියන්නේ ඔයාගෙ ජීවිත කාලෙන් තුනෙන් 2කටත් වඩා කාලයක් ඔයා වැය කරලා තියෙන්නේ රන් හොයන්න. රන් වටින දෙයක් තමා."

"ඒත් රන්වලින් ලබාගන්න දේ බුක්තිවිඳින්න ඔයාට කාලය ඉතුරු වෙලා නෑ."

 

2019/01/30 තරුණි බලන්න