සූපවේදී කලාවෙන් ලොව දිනූ ගෝර්ඩන් රැම්සේ

පෙබරවාරි 27, 2019

ජීවිතය දිනන්නට දිරියෙන් ඉදිරියට යන ඔබට දිරි දීම අපේ යුතුකමයි. ඒ අප නිරන්තරව ඔබේ දියුණුව අපේක්ෂා කරන නිසාය.

ඔබ ජීවිතය දිනනවා නම් එය අපේ ද ජයග්‍රහණයකි. ඒ නිසාම ඔබට දිරි දෙන්නට අපි දිරියෙන් ජීවිතය දිනූ මිනිසුන් ගැන ද කියන්නෙමු.

ඉසව්ව තොරාගන්න

ඔබ ඔබේ සාර්ථකත්වය රඳවන්නට සිතන්නේ කුමන ඉසව්වක ද? ඒ සඳහා ඔබට තෝරාගත හැකි ඉසව් අපමණය.

සමහරු මෙම ඉසව් වර්ගීකරණය කරන අතර ඔවුන් ඒවා වඩාත් හොඳ හෝ වැදගත් ලෙසත් නරක හා නො වැදගත් ලෙසත් වර්ග කරයි.

එහෙත් එවැනි වර්ගීකරණයක් සාර්ථක වීමට අවශ්‍ය වන්නේ නැත. ඔබ නො වැදගත් කියන ක්ෂේත‍‍්‍රයන් වුවද සමහරුන්ට ඒවා අතිශය වැදගත් ඒවාය.

ඒ නිසා නො වැදගත් ලෙස වර්ග කරන්නට යන්නේ නැතිව ඔබ කැමැති ඉසව්වක් තෝරාගන්න.

අවශ්‍ය වන්නේ ඒ ඔබේ තෝරාගැනීම මේ මානව සමාජයට අවශ්‍ය වන සේවාවක් හෝ භාණ්ඩයක් හෝ වේවා යහපතක් කරන දෙයක් වීමය. එනිසා වැදගත් වන්නේ ඔබ වඩාත් පි‍‍්‍රය කරන ඉසව්ව තෝරාගැනීමය.

ඔහු රැම්සේ

අද ඔබට කියන්නට යන්නේ සූපවේදී කලාවේ දැවැන්තයෙක් ගැනයි. ඔහු ගෝර්ඩන් රැම්සේ.

තරුණී වෙතින් ඔබට ඔහු සකසන කෑම වර්ග රැසක්ම තිළිණ කර තිබේ. එසේ නම් ඔබට ඔහු මතක් විය යුතුයි.

ගෝර්ඩන් රැම්සේ යනු දිනකින් දෙකකින් හෝ ඉතා කෙටි කලකින් ජීවිතය ජයගත් මිනිසෙක් නොවේ. ඔහු සාර්ථකත්වය වෙත ළඟා වූයේ පියවරින් පියවරය. ඒ සඳහා වසර ගණනක් ගත විය. අපි පළමුව ඔහුගේ අතීත කතාව කියවමු.

දුක පමණයි

දරුවන් හතර දෙනෙක් ඉන්න පවුලක දෙවැනියා ලෙස ස්කොට්ලන්තයේ දී 1968 නොවැම්බර් 08 වැනිදා ඔහු මෙලොව එළය දකී.

රැම්සේ ගේ මව හෙදියකි. පියාට ස්ථිර රැකියාවක් නැත. එහෙත් ඔහු තනිකරම බේබද්දෙකි. ඒ නිසාම රැම්සේ කියන විදිහට ඔහුගේ ළමා කාලය සතුටුදායක එකක් නොවීය.

එය තනිකරම හිංසනයෙන් පිරි එකකි. බීමතින් නිවෙසට පැමිණෙන පියා අසල්වැසියන් සමඟ මෙන්ම මව සමඟ ද රණ්ඩු කරයි. මව නිරන්තරවම පියාගේ පහරකෑමට ලක්වන අතර දරුවන්ට ද ඒ පහරදීම් ව්‍යාප්ත වෙයි.

මේ බීමත්කම නිසාම රැම්සේට අවුරුදු 16 වන විට ගෝර්ඩන් පවුල ගෙවල් 17 ක් මාරුකර තිබුණි. පවුලේ බර කරට ගන්නට වැඩිමහලු සහෝදරිය ද මව අනුව යමින් හෙදියක විය.

 

2019/02/27 තරුණි බලන්න.