කාබයිට් පලතුරු අතරින්ස්වාභාවිකව ඉදුණු පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

මාර්තු 13, 2019

අද වසක් විසක් නොමැති ආහාරයක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු දෙයක් බවට පත් වෙලා.

කාබයිට්වල ආසනික්, කැඩිමියම්, ඊයම්, රසදිය කියන බැර ලෝහ අඩංගු නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකා, වකුගඩු රෝග ආදිය අද සමාජය තුළ සුලබව දක්නට ඇත. නමුත් අතරින් පතර ස්වභාවික ලෙස පලතුරු ඉදවන වෙළෙන්දන් සුළුතරයක් ද සිටිනවා. ඉතිං කාබයිට් ගැසූ පලතුරු සහ ස්වභාවිකව ඉද වූ පලතුරු වෙන්කර හඳුනා ගන්නේ කොහොමද කියලා දැනගැනීම ඉතාම වැදගත්.

අඹ

අඹ ගෙඩියේ තැනින් තැන කහ පාට ගැන් වී ඉතිරිය කොළ පාට නම් එය මිල දී ගැනීමට සුදුසු නැත. කාබයිට් වතුරේ ගිල් වූ විට වතුර ගෑවුණු කොටස් කහ පාට වන අතර අනෙක් කොටස් කොළ පැහැයක් ගනි. සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ස්වභාවිකව ඉදෙන්නට පටන් ගන්නේ ඉහළ සිට පහළට වන අතර හොඳ සුවඳක් ද නිකුත් කරනවා. නැට්ට කොටස පිරුණු ස්වභාවයක් නැත්නම් ඒවා බලෙන් ඉද වූ ඒවා විය හැකියි. ඒ වගේම මුළු අඹය පුරාම කහ පැහැති තනි ඒකාකාර වර්ණයක් තිබේ නම් එය ද බලෙන් ඉද වුවක් වෙනවා.

අලිගැට පේර

හොඳින් පැසුණු අලිගැට පේර ගෙඩියක් සෙලවිමේදී ඇතුලේ ඇටය හොඳින් සෙලවෙනවා ඇසෙනවා. නැට්ට අසල පිරුණු ස්වභාවයක් නැත්නම් ඉදුණු සුවඳක් නිකුත් වෙන්නෙත් නැත්නම් එය බලෙන් ඉදවූවක්.

කෙසෙල්

කෙසෙල් කැනක ගෙඩි ඒකාකාරීව ඉදෙන්නේ නැහැ. අතරින් පතරයි ඉදෙන්නේ. කෙසෙල් කැන ඉදීම ඇරඹෙන්නේ ඉහළ සිට පහළටයි. ස්වභාවිකව ඉදුණු කෙසෙල් පෘෂ්ටිමත් පෙනුමෙන් යුතුයි. කැන ඒකාකාර වර්ණයකින් යුතු නම්, දාර පෙනෙන්නට තිබේ නම් එය කෘත්‍රිමව ඉදවා ඇති කැනකි. එසේම කෙසෙල් කැනේ අග කෙසෙල් මල ඉතිරි වී තිබේ නම් එයත් පැසීමට පෙර කැපූ කැනක්.

පැපොල්

පැපොල් ගෙඩිය ඉදෙන්නේ පහළ සිට ඉහළටයි. කහ රෝස පැහැය මෙන්ම රන්වන් පැහැය ක්‍රම ක්‍රමයෙන් මුදුන වෙත සංක්‍රමණය වෙනවා. ස්වභාවිකව ඉදුණු පැපොල් ගෙඩිය මෘදු ස්වභාවයකින් යුතුයි. සුවඳක් වහනය වෙනවා. මුළු ගෙඩියම ඒකාකාර වර්ණයෙන් යුතු නම් එය කෘත්‍රිමව ඉද වූ බවට සාක්ෂියක්.

දොඩම්

දොඩම්, දෙහි, නාරං වැනි පලතුරුවල ස්වභාවයෙන් ඉදුණු ඒවා පිරුණු ස්වභාවයක් ගන්නා අතර ස්වභාවික සුවඳක් යුතුවනවා. දිළිසෙන ගතියෙන් යුතුයි. හදිසියේවත් ඔබ මිලදී ගත්තේ රසායක ද්‍රව්‍ය සහිත පලතුරු බවට සැකයක් ඇත්නම් ගලායන ජලයෙන් හෝ මඳ රස්නේ වතුරෙන් සෝදන්න. කෙසේ වෙතත් වඩාත්ම සුදුසු වන්නේ හොඳින් පරීක්ෂා කර බලා නැවුම් පලතුරු මිලදී ගැනීමයි.

අන්තර්ජාලය ඇසුරිනි

 

2019/03/13 තරුණි බලන්න.