දන්න දෙයට වැඩි යමක්

අප්‍රේල් 3, 2019

දවසට නැත්නම් පැය 24කට අපි කොයිතරම් දේවල් අහනවාද? දකිනවාද? බස් රථයේ දී, නිවෙසේදී, කාර්යාලයේදී, මඟතොටේදී මේ හැමතැනකදීම අලුත් දෙයක් අහන්න, දකින්න ලැබෙනවා.

ඒත් ඒ දේවල්වලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක් ද අපි ජීවිතයට එකතු කරගන්නේ. ඒත් ටිකක් විමසිල්ලෙන් බලන්න. ඒ හැමදෙයකින්ම ඔබේ ජීවිතයටත් දන්න දෙයට වැඩි යමක් එකතු කරගන්න පුළුවන් වෙයි.

 

තැනේ හැටියට ඇණේ

මොනදේ තිබුණත් වැඩක් නෑ ඉතින් තැනේ හැටියට ඇණේ ගහන්න බැරිනම් කියලා පැරැණි කියමනක් තියෙනවා.

ඒ කියන්නේ යම් තැනකට ගිහිල්ලා ඒ තැනට ගැළපෙන විදියට ඉන්න එක කියන එකනේ. හරියට වව්ලාගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනේ වගේ.

එහෙම ඉන්න බැරි වෙනකොට ප්‍රශ්න, ගැටලු ඇතිවෙනවා.

ඒ නිසා පුළුවන් තරම් තැනේ හැටියට ඉන්න උත්සාහ කරන්න ඕනේ. තැනකට ගැළපෙන විදියට ඉන්න නම් අපි අඳින ඇඳුමත් ඉතාම වැදගත්.

ඇඳුමේ වර්ණය ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ ඇඳුම් ලස්සනට, පිළිවෙළට, පිරිසුදුව අඳින්න. ඇඳුම්වල වර්ණ මේ විදියට ගළපන්න.

 

ආදරණීය හමුවකට රතු වර්ණය

 

* රතු වර්ණය මිනිස් සිත් තුළ ආදරණීය

හැඟීම්, ශක්තිය, උද්‍යේාගය ඇතිකරනවා.

* සම්මුඛ පරීක්ෂණයකට ගැළපෙන්නේම නිල් වර්ණයයි.

නිල් වර්ණය කියන්නේ විශ්වාසදායී බව සහ අවංකභාවය පිළිබිඹු කරන වර්ණයක්.

* මිතුරු හමුවකට නම් ඉතින් කහ වර්ණය හොඳයි.

කහ වර්ණය දකින්නන් තුළ සුබ හැඟීම්, සතුට සහ සැනසීම, ක්‍රියාශීලී හැඟීම් ඇතිකරනවා. සිතේ තියෙන පාළුව, කාන්සිය නැතිකරන්නත් කහ වර්ණයට පුළුවන්.

* පහන් වූ ප්‍රථම හැඟීමකට කොළ වර්ණය

ස්වභාවික සුන්දරත්වය, ජෛව ශක්තිය, ගෞරවය, ධනවත්කම කොළ පැහැයෙන් නිරූපණය වෙනවා.

 

විනෝද චාරිකාවකට නම් ගැළපෙන්නේම තැඹිලි වර්ණයයි.

නැවුම් බව, නිර්මාණශීලීත්වය, තරුණ බව, නිර්භීත බව තැඹිලි පැහැයෙන් ඇඟවෙනවා.

* හික්මීම, සරල බව, පාරිශුද්ධත්වය, නිර්දෝෂී සහ අහිංසක බව පෙන්නුම් කිරීමට ගැළපෙන්නේම සුදු වර්ණයයි.

* කාන්තාවන්ට ගැළපෙනම වර්ණය රෝස වර්ණයයි.

කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ වගේ මේ වර්ණයත් අනවශ්‍ය විදියට, නිතර අඳින්නපලඳින්න එපා. හැකිතරම් පිරිසුදුව, පිළිවෙළට ඉන්න.

 

ඔසප් දවසට ගොඩක් අමාරුයි ද?

කාන්තාවක් වුණාම මේ ගැටලුවෙන් මිදෙන්න බෑ. අකැමැත්තෙන් වුණත් අනිවාර්යයෙන්ම මාසයකට වතාවක් ඒ වේදනාකාරී අත්දැකීම විඳින්නටම වෙනවා. වේදනා නාශකවලින් තාවකාලික සුවයක් ලැබූවත් නැවත නැවත වේදනාවක් ඇතිවෙනවා.

ඇත්තටම මේ විදියට වේදනා නාශක භාවිතය ඔබේ සෞඛ්‍යයට නම් ඒ තරම් හොඳ දෙයක් නොවේ. තාවකාලික සහනයක් ලැබුණත්, දීර්ඝකාලීන සෞඛ්‍යමය තර්ජනයක් ඇතිවෙන්නට පුළුවන්. ඉතින් ඒ වේදනාකාරී දින කිහිපයට සරල අත් බෙහෙත් කිහිපයක් දැනගෙන හිටියොත් කොතරම් වටිනාවද? මේ එවැනි සරල අත් බෙහෙත් කිහිපයක්.

 

2019/04/03 තරුණි පුවත්පත බලන්න