වයසට යන්න කලින්

අප්‍රේල් 24, 2019

තත්පරෙන් තත්පරය අපි වයසට යනවා කියලා දැනගෙන හිටියත් ඒ වෙනුවෙන් තවමත් මොකුත් කරලා නැද්ද? එහෙනම් හොඳටම වයසට ගිහින් අනේ මම තරුණ කාලේ හොඳට හිටියානම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා පසුතැවෙන්න වෙයි.

ඒ නිසා අනාගතය ගැන නිතරම බයක් තියාගන්න. අනාගතය සැලසුම් කරන්න. දැන් මහන්සි වෙලා වැඩ කරන්න. නැත්නම් මේ විදියට අනාගතයේ දී දුක්වෙන්න වෙයි.

 

ආදරණීයයන් වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරිවුණා

අද කාර්යබහුල ජීවිත තමයි බොහොමයක් දෙනෙක් ගත කරන්නේ. කාර්යාලයේ වැඩවලට ගියාම ගෙදර අය ගැන හිතන්න වෙලාවක් නෑ.

වැඩ වැඩි දවසට ගෙදර එන්නේ කාර්යාලයත් අරගෙන. ඒ කියන්නේ ර්‍ණටටඪජඥ එකේ වැඩ ගෙදර අරගෙන එනවා. නැත්නම් කාර්යාලයෙන් ලැබුණ පීඩනය ගෙදර අරගෙන එනවා.

එතකොට ඔබේ ආදරණීයයන් එක්ක ගතකරන්න කාලයක් නැ.

තවත් අය නිවෙසින් පිට බෝඩිං ජීවිත ගත කරනවා. සති අන්තයට, මාසයකට දෙකකට වරක් නිවෙසට ගිහින් එනවා. තවත් පිරිසක් ගෙදර හිටියත් නෑ වගේ. ජ්ඕ එකේ. ර්‍ථඩධදඥ එකේ තමයි දවසම.

නැත්නම් ඊ.ඍ බලනවා. ඉතින් ඒ නිසා ආදරය කරන්න වෙලාවක් නෑ. ආදරය ලබන්න වෙලාවක් නෑ. හැබැයි මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නෑ.

ඔබ ජීවිත කාලයම වැඩකරලා, වැඩකටයුතු ඉවර වෙලා එනකොට මාපියන් වයසට ගිහින්. දැන් ඔබ කාටද ආදරය කරන්නේ? ඒ නිසා ඔබේ කාර්යබහුල ජීවිතයෙන් පුංචි වෙලාවක් ආදරණීයයන් වෙනුවෙන් වෙන්කරන්න.

 

වැරැදි සබඳතා නවත්වන්න නොහැකි වුණා

මිනිසුන් හැමෝම සමාජ සත්ත්ව කොට්ඨාසයක්නේ. ඉතින් තනිවම ඉන්න බෑ.

විවිධ සබඳතා ඇති කරගන්නවා. ඒත් කාලයක් ගතවෙද්දි ඒ සබඳතා වැරැදියි කියලා වැටහෙනවා.

ඒ පුද්ගලයන්ගේ සිතුවිලි, ගතිගුණ, නොගැළපෙන බව දැනෙනවා. ඒත් අසරණකම නැත්නම් ආදරය නිසා පීඩනයෙන් වුණත් ඒ සබඳතාවයේම ඉන්නවා.

ඒත් ඔබ මහලු වුණ දවසට ඒ වැරැදි සබඳතාවයෙන් බොහොම වෙහෙසට පත්වෙලා ඉඳීවි.

 

කාලය නාස්ති වුණා

තරුණ කාලේ විනෝදයෙන් ඉන්න කවුරුත් ආසයි. ඒත් ඔබ කවුද? ඔබේ ඉලක්ක අමතක කරලා විනෝද වෙන්න එපා. මානසික සහනයට විනෝදවීම අත්‍යවශ්‍ය දෙයක්.

හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑනේ. සෑම දෙයකටම යම් පාලනයක් තියාගන්න. විනෝද වෙන්න. ඊපඪන යන අතරේම ජ්ඕ එකේ, ඊඍ එකේ ඉන්න අතරේම ජීවිතයට වටින දෙයකුත් එකතු කරගන්න.

අලුතින් පාඨමාලාවක්, වෘත්තිය සුදුසුකමක් ජීවිතයට එකතු කරගන්න. රැකියාවක් කරන්න. අනාගතය වෙනුවෙන් මුදලක් ඉතිරි කරන්න. එතකොට අනාගතයේ දවසක මැසිවිලි නඟන්නට. දුක්වෙන්නට අවශ්‍ය නැති වෙයි.

2019/04/24 තරුණි බලන්න.