පොත් කියෙව්වොත් වාසි රැසයි

අප්‍රේල් 24, 2019

ඔබත් අලුත් පොතක් දුටු විට එය පෙරලා බලා පිටුවල සුවඳ විඳින්නට කැමැත්තක් දක්වයි නම් ඔබ පොත් වලට ආදරය කරන අයෙකි. නමුත් පොත් කියැවීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන ඔබ තවමත් නොදන්නවා විය හැකියි.

හැකි පමණින් පොතක් දෙකක් කියවීමට කාලය වෙන් කිරීමෙන් මේ ප්‍රතිලාභ ඔබටත් ලබා ගන්න පුළුවන්.

මානසික රෝග අවදානම අඩු කරයි

පොත් කියවීම මඟින් මනස උත්තේජනය කරන අතරම Alzheimer  හා Dementia හි ප්‍රගතිය මන්දගාමී වේ. මොළය හැම විටම ක්‍රියාකාරිව තිබීමෙන් එහි බලය අඩුවීමක් සිදු නොවේ. පොත් කියවීම, චෙස් ක්‍රීඩාව හා ප්‍රහෙලිකා පිරවීම මඟින්ද මෙම ප්‍රතිලාභය ලබාගත හැකියි.

මානසික පීඩනය අඩුකරයි

ඔබ ආතතියෙන් පෙළෙනවාද? කිසියම් සම්බන්ධතාවයක් නිසා ඔබ පසුතැවීමකින් පීඩා විඳිනවාද? එසේනම් හොඳ කතුවරයකු විසින් ලියන ලද හොඳ පොතක් කියවන්න. මෙමඟින් මොළයට දෙන ශක්තිය ඔබට අදහාගත නොහැකි වේවි.

බුද්ධිය වර්ධනය කරයි

ඔබ කියවන සෑම පොතකින්ම ඔබට යම්කිසි දැනුමක් එකතු වේ. ඔබේ චින්තන ශක්තිය වැඩිකරයි. එම නිසා ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග වලට සාර්ථකව මුහුණදිය හැකියි.

අලුත් වචන ඉගෙන ගැනීමට හැකිවේ

ඔබ කියවන පොත්වලින් ඔබට අලුත් අලුත් වචන අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරිමේ මාර්ග තවතවත් හඳුනාගත හැකියි. එම හැකියාව මඟින් ඔබ නියැලෙන ඕනෑම වෘත්තියක සාර්ථක බවට හේතුවේ. තවද ඔබට විවිධ භාෂා ද ඉගෙන ගත හැකියි.

ඔබේ මතකය වැඩි කරයි

ඔබ පොත් කියවන විට මතකය තව තවත් වැඩි කරයි. ඔබ කියවන පොත්වල චරිත, ස්ථානය, සෘතු, ආහාර, ගීත හා වෙනත් සාධක පිළිබඳ ඉක්මනින්ම මතක් වෙයි.

අවධානය යොමු කිරිම වැඩි දියුණු කරයි

ඔබේ ජීවිතයේ සෑම විනාඩියක්ම කිසියම් දෙයක් ඉගෙන ගැනීම සඳහා වැය වේ. නමුත් ඔබේ ඵලදායිතාවය අඩු වුවහොත් මානසික ආතතිය වැඩිවේ. ඔබ පොත් කියවීමේදී සිත එක අරමුණකට යොමු වේ. සම්පූර්ණ අවධානය එදෙසට යොමු වේ. එමඟින් මනස වඩාත් දියුණු වේ.

සිතේ සාමය වර්ධනය වේ

ඔබ හොඳ පොතක් කියවන විට ඔබේ සිතේ සාමය වැඩිවේ. එනම් සිත සන්සුන් වේ. විවිධ මානසික රෝගවලින් පෙළෙන අයට ස්වයං උපකාර පොත් කියවීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකිය. නිකරුණේ වැයවන කාලයට හොඳම විකල්පයකි.

ඔබ දිනකට රූපවාහිනිය නැරඹීමෙන් හෝ වෙනත් ට්චථඥඵ හා ටචජඥඡධධඬ වැනි සමාජජාල වෙබ් අඩවවිල ගත වන කාලය පොත් කියවීමට වැය කරන්න. එමගින් ඔබට මේ ප්‍රතිලාභ සියල්ලම ලබාගත හැකියි.

 

අන්තර්ජාලය ඇසුරිනි