කොළ ඇපල්වල රසට වඩා ගුණ බලන්න

මාර්තු 31, 2021

 

මුළු පංචේන්ද්‍රියම පිනවන ඇපල් පලතුරු ලොවේ රජෙක් වගෙයි. ඒ විතරක් නෙවෙයි දිනකට ඇපල් ගෙඩියක් කෑමට ගන්න පුළුවන් නම් වෛද්‍යවරයා ළඟට යමෙට සිදු නො වන බවට ජනප්‍රිය කතාවක් තියෙනවා.

හැම ඇපල් වර්ගයම රස වුණත් පාට අනුව ඇපල්වල ගුණය වෙනස් වෙනවා.

කොළ ඇපල් වඩාත් සොබා දමට සමීප ඇපල් වර්ගයයි. මේවායේ විටමින් කේ, විටමින් සී, විටමින් ඒ, ප්‍රතිඔක්සිකාරක, ඛනිජලවණ අඩංගුයි.

අධික තන්තු ප්‍රමාණයක් අඩංගු කොළ ඇපල්වල සිරුරේ ක්‍රියාකාරිතවය වැඩි වෙනවා. ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා අක්මාවට ගුණදායකයි. අක්මාවේ විස ප්‍රතිඔක්සිකාරකවලින් ඉවත් කරනවා. ඒවාගේම ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගිව තබා ගැනීමටත් උපකාරී වෙනවා. මල බද්ධය ඇත්නම් දිනපතා කොළ ඇපල් ගෙඩියක් කෑමට ගන්න අමතක කරන්න එපා.

කාන්තාවන් වියපත් වන විට අස්ථි දුර්වල වෙනවා. කොළ ඇපල් කාන්තාවන්ගේ මේ ගැටලුවටත් විසඳුම් ගෙන එනවා. ඒ අස්ථි සවිමත් කිරීමෙන්. වයස අවුරුදු 30 - 35 ට පස්සේ , ආර්තවහරණයෙන් පස්සේ අස්ථි දුර්වල වීමට වැඩි ඉඩක් ඇති කාන්තා පක්ෂය තමන්ගේ ගමන් මල්ලේ අනිවාර්යයෙන්ම කොළ ඇපල් ගෙඩියක් තබා ගන්න නම් අමතක නො කළ යුතුයි. බර අඩු කරගන්න, පෙනහලු රැක ගන්න, ඇස් පෙනීම රැක ගන්න කොළ ඇපල්වල අඩංගු රසායන උදව් වෙනවා. තාරුණයය පවත්වා ගන්න, විජලනයෙන් බේරෙන්න ඇපල් කදිමයි. මේ වගේ පායන කාලයක නිතර නිතර කොළ ඇපල් රස බැලීම හොඳ පුරුද්දක්.

කොළ ඇපල් කෑමට වඩාත් සුදුසුම උදේ කාලය හෝ සවස් කාලයයි.

 

අන්තර්ජාලයෙනි