නුවණැසින් විමසා බලා දියුණුව අත්පත් කරගන්න

මාර්තු 13, 2019

බුදු දහම මෙලොව දියුණුවට පමණක් සීමා නොවූ මෙලොව - පරලොව දෙලොවටම ප්‍රයෝජනවත් විශිෂ්ට ධර්මයකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත එවන් වූ උතුම් සද්ධර්මය අප අවබෝධයෙන්ම ජීවිතයට ඇසුරු කරගත යුතුය.

ඒ සඳහා සූත්‍ර දේශනා මැනවින් පිහිට වේ. කවර කාලයකටත්, කවර සමාජයකටත් එක සේ බලපාන, සාධාරණ, යල් පැන නොගිය, සැමවිටම නවතම තත්ත්වයෙන් පවතින බැවින් නූතන තරුණ පරපුර මේවා ඇසුරෙන් ක්‍රියාත්මක කිරීමෙන් මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සාර්ථක කරගැනීමට උත්සාහ කරනු ඇතැයි තරුණී සදහම් සෙවණ ඔස්සේ අපි අපේක්ෂා කරන්නෙමු. පින්වත් ඔබ පරාභව සූත්‍රය ඕනෑ තරම් ශ්‍රවණයකර ඇති. සජ්ඣායනාකර ඇති. එහෙත් එහි සැබෑ අරුත, වටිනාකම ගැන නිසි අවබෝධයක් ඇති බැව් සැක සහිතය. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ කල්හි දේවතාවකු පැමිණ පිරිහෙන පුද්ගලයාගේ ස්වභාවයත්, පිරිහීමට හේතු වන කරුණුත් දේශනා කරනු මැනවි යැයි උන්වහන්සේට කළ ආරාධනාවකටයි පරාභව සූත්‍රය දේශනා කර තිබෙනුයේ.

මේ එම කරුණුයි

ධර්මය කැමැති තැනැත්තා දියුණු වෙයි. දියුණුවන තැනැත්තා පහසුවෙන් දත හැකිය. පිරිහෙන තැනැත්තා ද පහසුවෙන් දත හැකියි. ධර්මයට කැමැති තැනැත්තා දියුණු වෙයි. ධර්මයට විරුද්ධ වන තැනැත්තා පිරිහෙයි.

සත් පුරුෂ ඇසුර යහපත ගෙනදේ

යමෙක් අසත්පුරුෂයන් ප්‍රිය කරයි ද, සත්පුරුෂයන් ප්‍රිය නොකරයිද, අසත්ධර්මයට ප්‍රිය කරයි ද මේවා පිරිහීමට හේතුයි.

 

නිතර කිපෙනසුලු තැනැත්තා පිරිහේ

පින්වතුනි යමෙක් නිතර නිදනසුලුවේද, අනවශ්‍ය පරිදි කතා සල්ලාපයෙහි ඇලුණේ වේද, උට්ඨාන වීර්යයෙන් තොර වූයේ වේද, වහා කිපෙන සුලු වේ ද මේවා පිරිහීමට හේතුයි.

මාපියන්ට සැලකීම දියුණුවේ මාවතයි

සිව්වන කරුණ වන්නේ 'යො මාතරං වා පිතරංවා...' යමෙක් මහලු වියට පත් ව සිටින පියාට හෝ මවට හෝ තමාට හැකියාව තිබියදීත්, නොසලකා හරී ද එය පිරිහීමට හේතුව බවය. තවද ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෙනත් යාචකයකු හෝ බොරු කියා රැවටීමත් පිරිහෙන කරුණකි.

ඔබ දන්නවා ද පින්වතුනි රන් රිදී මිල මුදල් ආදිය සහිත බොහෝ ධනය ඇත්තා වූ ද රස බොජුන් ඇත්තා වූ ද, යමෙක් අන් අයට නොදී තනිව රස අහර වැළඳීමත් පිරිහීමට හේතුවකි

මානය ඔබට පරිහානිය ගෙන දේ

යමෙක් ජාතිය නිසා හටගත් මානයෙන් තද වූයේ ද, ධනය නිසා හටගත් මානයෙන් තද වූයේද, ගෝත්‍රය නිසා හටගත් මානයෙන් තද වූයේ ද, මෙසේ මානයෙන් තද වීම හේතුවෙන් තමා ගේ නෑයන් පහත් කොට සැලකීම ද පිරිහීමට හේතු වන්නකි.

යමෙක් ස්ත්‍රින් කෙරෙහි ලොල් වූයේ ද, මත් ද්‍රව්‍ය කෙරෙහි ලොල් වූයේ ද, සූදුවෙහි ලොල් වූයේ ද ලැබෙන ලැබෙන දෙය නැතිකර දමයි ද පිරිහීමට හේතුවකි. පින්වත් ඔබට මෙයට සාක්ෂි අද සමාජයේ ඕනෑ තරම් ඇති.

පරඹුවන් - පරපුරුෂයන් ඇසුර විනාශයකි

පිරිහීමේ අට වැනි කරුණ එසේ සඳහන් කළ උන්වහන්සේ 'සෙහි දාරෙ අසන්තුට්ඨෙ වෙසියාසු පදිස්සති...' යනුවෙන් දේශනා කළ වදාළේ යමෙක් සිය බිරියගෙන් සතුටට නොපැමිණේ ද, ගණිකාවන් සොයා යයි ද, පරඹුවන් සොයා යාමද නිතැතින්ම පිරිහෙන්ට කාරණා බවයි.

වයසින් වැඩි විවාහය විනාශයයි

පින්වත් ඔබ දැක ඇති ඇතැම් විට මහලු වූ පුරුෂයකු තරුණ ස්ත්‍රියක් සරණපාවා ගෙන සිටින අවස්ථා.

බලන්න එවන් බැඳීම් හරිම බියකරුයි.

 

2019/03/13 තරුණි බලන්න.