ෆර්ම් කිරීම හෙවත් හිසකෙස් රැලි කිරීම

ජනවාරි 23, 2019

NVQ Level - 4  හදාරන විට ෆර්ම් කිරීම පිළිබඳව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් ලබා තිබීම අතිශයින් වැදගත් වේ.

මක්නිසාද රසායනික සේවාවක් පාරිභෝගිකයකුට ලබාදීමේදී එය හොඳින් ප්‍රගුණ නොකිරීම තුළින් ඉතා අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි බැවිනි.

ෆර්ම් කිරීම යනු

ෆර්ම් කිරීම යනුවෙන් හඳුන්වන්නේ භෞතික හා රසායනික ක්‍රියාකාරකම් මඟින් කෙස් රැලි හෝ කැරලි කිරීමයි. බ්ලෝඩ්‍රයි කිරීමෙන් ලැබෙන රැලි මෙන් නොව ෆර්ම් කිරීමෙන් සදාකාලික රැලි ලැබේ. හිසකෙස් තෙමීමකින් පසුවද රැලි එලෙසම පවතී. හිසකෙස් ෆර්ම් කිරීමේදී කෙස් ගසෙහි හැඩය සම්පූර්ණයෙන් වෙනස්වන බැවින් එය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

මෙය රසායනික ද්‍රව්‍ය යොදා කරන සේවාවක් නිසා රසායනික සංයෝග පිළිබඳව මනා වැටහීමක් තිබීම වැදගත්.

මෙම කාර්යය කිරීමට පෙර පසුගිය පාඩම්වලදී කතාබහ කළ කෙස් ගසක මූලික ව්‍යූහය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එනම් ජන්මානුක පූරක අවස්ථාවේ සිට කි්‍යුටිකල්ස්, හෙයාර් බල්බය, හෙයාර් පැපිලා, එහි වටා ඇති කොලජන් ප්‍රමාණය සහ කෙස් ගසේ හැඩය දක්වා වූ සියලුම කොටස් පිළිබඳව නැවත වරක් මතක්කර ගන්න.

එමෙන්ම කෝටෙක්ස්, මෙඩියුලාර්, ඇමයිනෝ අම්ල, කෙරටින් බන්ධන සහ අනජන්, කැටජන් සහ ටෙලජන් නම් කෙස් ගසෙහි අවස්ථා තුනක පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න.

මෙම කාර්යය නිසිපරිදි ඉටු කිරීමට නම් අප විසින් මෙහි සිදුවන රසායනික විපර්යාසයන් අනුව රැලි කිරීමේ ක්‍රම පිළිබඳව හොඳින් වටහාගෙන තිබීම අවශ්‍යයි.

කෙස් ගසක කෙරටින්, පොලිපෙප්ටයිඩ් දාමයේ ඇති ප්‍රතිවිරුද්ධ ඩී සල්ෆයිඩ් බන්ධන කෙස් ගසට හැඩය ලබා දේ. සෑම ඩි සල්ෆයිඩ් බන්ධනයක්ම පොලිපෙප්ටයිඩ් බන්ධන දෙකක් සම්බන්ධ කරන රසායනික සරල පරමාණු දෙකක එකතුවකි. ෆර්ම් කිරීමේදී මෙම රසායනික බන්ධන කැඩී කෙස් ගස මෘදු වී පහසුවෙන් හැසිරවිය හැකියි. එබැවින් එය අලුත් රැලි හැඩයකට සැකසීමට පහසුවක් වෙයි. මෙම බන්ධන කැඩීමේ ක්‍රියාවලිය රිඩියුසින් වශයෙන් හැඳින්වේ.

සේවාව ලබාදීමට ප්‍රථම සේවාලාභියාගේ අවශ්‍යතාවය, ජීවන රටාව, හිසකෙස්වල ඝනත්වය සහ පෙර සිදුකර ඇති රසායනික සේවාවන් පිළිබඳව විමසා අවබෝධයක් ලබා ගන්න. සේවාලාභියාට හිස් කබලේ තුවාල, සීරීම්, කැපීම් ඇත්නම් හෝ අසාත්මිකතා වලින් පෙළෙන්නේ නම් හෝ මෙනෙක්සෝල් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතකර ඇත්නම්, දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන්නේ නම් මෙම සේවාව ලබාදීම සුදුසු නොවේ.

එමෙන්ම හිසෙහි පවතින ර්‍ථඩ් ඉජචතඥ එක ගැනත් සැලකිලිමත් වන්න. ර්‍ථඩ් යනුවෙන් අදහස් කරන්නේ යම් සංයෝගයක පවතින ආම්ලික සහ භාෂ්මිකතාවය මනින ඒකකයයි.

2019/01/23 තරුණි බලන්න