කමිසයට පින්තාරු කලාවෙන් අපූර්වත්වයක්

අප්‍රේල් 3, 2019

අමු රෙද්දේ පින්තාරු කලාව මවන මෝස්තර රටා ගැන අප මෙතෙක් කල් ඔබව දැනුවත් කළා. අද අප අමු රෙද්දෙන් ඔබ්බට යමින් ඔක්ස්ෆෝඩ් රෙද්දට මෝස්තරයක් යෙදීමට සිතුවා.

ඉරි වැටුණු, කොටු සහිත, මල් පිරුණු කමිස මෝස්තර අතරට ෆැබ්රික් පේන්ට් කලාවෙන් මෝස්තර රටාවක් එක්වූ විට සැබැවින්ම වෙනසක් ගෙන දෙනවා. එය තාරුණ්‍යයේ සිටින ඔබගේ කඩවසම් පෙනුම තව තවත් වැඩි කරන්නට සමත් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔක්ස්ෆෝඩ් කහ පාට රෙද්දෙන් මැසූ කමිසය

ෆැබ්රික් පේන්ට් වර්ණ තද දම්, ළා දම්, කළු

පින්සල් නො.02, 05

ඩිමයි කඩදාසියක්

කාබන් කොළයක්

පැන්සලක්/පෑනක්

ඍජිෆෝම් බෝඩ් එකක්, පොලිතින් කැබැල්ලක්

ඩ්‍රෝවිං පින්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව රූපයේ දැක්වෙන මෝස්තරය ඩිමයි කොළයේ අවශ්‍ය ප්‍රමාණයට විශාල කර ඇඳගන්න.

ඉන්පසු එය කාබන් කොළයක් ආධාරයෙන් හෝ පිටපත් කිරීම මඟින් කමිසයේ අවශ්‍ය ස්ථානවල ඇඳගන්න.

2019/04/03 තරුණි පුවත්පත බලන්න