හැඩකාර මනාලිය

අප්‍රේල් 3, 2019

හැඩකාර යුවතිය සොඳුරු මනාලිය ලෙසින් හැඩවැඩ කළ පසු කොයිතරම් නම් සුන්දරද? නමුත් ඇය සැබෑ යුවතියක් නම් නොවේ. අජීවි පාට කඩදාසි හැඩතල ඇසුරේ ජීවයලද මේ අපූරු මනාලිය පේපර් කුවිලිං කලාවේ අපූර්වත්වය මනාව පැහැදිලි කරාවි.

මේ උත්සව සමයේ ඔබේ නිවෙස හැඩකරන බිත්ති සැරසිල්ලකට එහෙමත් නැතිනම් ආදරණීය යෙහෙළියකට පිරිනමන තිළිණයකට මේ අපූරු පේපර් කුවිලිං මනාලිය කදිමයි නේද?

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් ඝනකම සහිත කාඩ්බෝඩ් කැබැල්ලක්

වර්ණ කිහිපයක ඒ4 කඩදාසි

කුවිලිං ටූල් එකක්

අල්පෙනෙති

කතුරක් සහ ගම්

 

නිර්මාණය සකසාගන්නා ආකාරය

ප්‍රථමයෙන්ම මෙහි දැක්වෙන රූප සටහන ඔබ කැමැති ප්‍රමාණයට විශාල කරගන්න. අනතුරුව එය කාඩ්බෝඩ් කැබැල්ල මත පිටපත් කරගන්න.

 

2019/04/03 තරුණි පුවත්පත බලන්න