රෙදි බෑගයක ලස්සන

මැයි 1, 2019

බෑග් විලාසිතා නම් කොයිතරම් තියේ ද? ඒත් ඒවා අපේ මුදල් පසුම්බියට දැරිය නොහැකි තරමේ මිල ගණන්වලින් යුක්තයි. නමුත් මැහුම් ගෙතුම් කලාවට ළබැඳි ඔබට නම් එම ගැටලුවට මුහුණ පෑමට සිදු නොවේවි.

බලන්නකො, මේ බෑගය දෙස. පුංචි ගමනට බිමනට කදිමයි. දියණියට අමතර පන්ති ගෙනයන්නත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙදි වර්ගයක්

පැඩිං

ලයිනිං

නො.05 සිපරයක්

වෙළෙඳ පොළෙන් මිලදී

ගත් ලොක් එකක්

 

මසා ගැනීම

1 වැනි රූපසටහනේ පරිදි පතරොම සාදා ගන්න. රෙදි, පැඩිං එකට තබා මසන්න. 2 වැනි රූපයේ හැඬල් කොටස් 2 සකස් කරගන්න. 3 රූපය බෑගයේ අඩිය කොටස වේ. රෙදි කොටස් සහ පැඩිං එකට තබා මසාගන්න. 4 වැනි රූපයේ සිප් බෝඩරය මේ රෙදි ලයිනිං එකට තබා මසාගන්න. 5 වැනි රූපය පරිදි රෙදි කොටස් 4ක් කුඩා පටි ආකාරයට මසාගන්න.

දැන් අපි බෑගයේ කොටස් එකතුකර ගනිමු. වෙළෙඳ පොළෙන් මිලදී ගත් ලොක් 4 සහ 5 රූපයේ ඉදිරිපස කර ඇති කොටස් සහ හැඬල් 2 ආධාර කරගෙන ඉදිරිපස පිටුපස බෑගයේ ප්‍රධාන කොටස් 2ට හැඬල් 2 සම්බන්ධ කරන්න. ඒ සඳහා පළමුව ලොක් 4 ආධාර කරගෙන කුඩා කොටස් 4 බෑගයට සම්බන්ධ කරන්න. ඉන්පසුව 2 රූපයේ දක්වා ඇති දිග හැඬල් පටි 2 බෑගයට සම්බන්ධ කරන්න.

4 වැනි රූපයේ පරිදි අප මසාගත් සිප් බෝඩරයට නො.05 සිප් එකක් අල්ලන්න. 6 රූපයේ ලයිනිං රෙදි කොටස් ද දෙපසට අල්ලාගන්න.

1 රූපයේ ඉදිරිපස පිටුපස කොටස් 2හි දෙපස මූට්ටු කරන්න. බෑගයේ අඩිය කොටස 3 වැනි රූපය බෑගයට සම්බන්ධ කරන්න. දැන් ලයිනිං ඇල්ලූ කොටස ද බෑගය තුළට බස්සවා කට වටේ මසන්න.

බෑගය හොඳ පිට පැත්ත හරවන්න. බෑගය කට වටේට අවුට් ලයින් කරන්න. අඩිය මසන්න.

2019/05/01 තරුණි බලන්න.