රෝස මල් බෝලයක හැඩ

මැයි 15, 2019

 

උදාවූ මංගල මල් මාසයේ විවාහ මංගල්‍යය පවත්වන ඔබටයි මේ මංගල සැරසිල්ල. ඔබ තම මංගල උත්සවයේ සැරසිලි රෝසමලින් හැඩ කරන්නට සූදානමින් සිටිනවා නම් මේ නිර්මාණ වටිනා තිළිණයක් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අවශ්‍ය වර්ණවලින් ක්‍රේප් කොළ

සෘජිෆෝම් බෝල

පබළු

අල්පෙනෙති, ගම්

 

නිර්මාණය කිරීම

පළමුව ක්‍රේප් කොළය ගෙන ඔබට අවශ්‍ය දිගට පටි කපාගන්න.

ඉන්පසු එම පටි ආධාරයෙන් ෆෝල්ඩඩ් රෝස මල් සාදා ගන්න.

මල සාදා අවසානයේ යටින් තදවන ලෙස ගම් ගා අලවා ගන්න. එවැනි මල් 50 - 60 ක් පමණ එක් සැරසිල්ලක් සඳහා අවශ්‍ය වේ.

 

ඉන්පසු එම මල් මැදින් පබළුවක් දමාගත් අල්පෙනෙත්තක් ගසා එය සෘජිෆෝම් බෝලයට සවිකරන්න.

ඒ ආකාරයට සෘජිෆෝම් බෝලය වැසෙන සේ මල් රඳවා ගන්න.

මෙවැනි නිර්මාණයක් විවාහ මංගල්‍යයේ මේස සරසන්න වගේම ඉදිරිපස අලංකරණය සඳහාත් හරිම අපූරුයි.