නිවෙසේදී ආරක්ෂිතව මුව ආවරණයක් මසා ගන්නේ මෙහෙමයි

මැයි 20, 2020

මැහුම් ක්ෂේත්‍රයේ වසර 40 ක් පමණ රැඳී සිටින පතරොම් රහිත මැහුම් කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රවීණ මැහුම් උපදේශිකා ගීතා ද සිල්වා ශිල්පිනිය 1999 වර්ෂයේ දී තරුණී පුවත්පතින් මුල්වරට මෙම පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය පාඨකයාට හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව ඇයගෙන් මැහුම් කලාව හැදෑරුවන් දහස් ගණන් ව්‍යාපාරිකයින්, ස්වයංරැකියා ලාභීන් බවට පත්වී ඇත. මෙම ඛ්ර්‍ණඍධ්ච් 19 වෛරසය හේතුවෙන් කාන්තාවන්ට මැහුම් ක්ෂේත්‍රයේ ගුරුතුමියක ලෙස මේ වනවිට ප්‍රධාන ආරක්ෂක දෙයක් ලෙස අපට අත්‍යවශ්‍ය වන මුහුණු ආවරණයක් (ටචජඥ ථචඵඬ) ඉතා සරලව නිවැරැදිව මසා ගන්නා ආකාරය තරුණී තුළින් මෙලෙස ගෙන එන්නීය.

වෙළෙඳ පොළේ එක් එක් වර්ගයේ මුහුණු ආවරණ තිබුණ ද ඒවා මිලදී ගැනීමේ දී කිසියම් මුදලක් වැය කළ යුතුය. නමුත් මැහුම් ක්ෂේත්‍රයේ දැනුමක් ඇති හෝ නැති කාන්තාවන්ට මෙය මැෂිමක් ආධාරයෙන් හෝ අතේ මසාගත හැකියි.

එකම මුහුණු ආවරණය දවස පුරා පාවිච්චි නොකළ යුතුය. තමන් නිවෙසින් බැහැරව සිටිනවා නම් දවසට දෙකක් හෝ තුනක්වත් මාරුකර පැලඳ ගැනීමට වගබලා ගන්න. (උදාහරණ ලෙස කාර්යාලයේ සේවයේ යෙදී සිටිනවිට)

අප ඔබට කියාදෙන අන්දමට මසා ගන්නා මුහුණු ආවරණය විසබීජ නාශක බිංදුවක් දැමූ වතුරින් හෝ සබන් ගා හෝ සෝදා තද අවුවේ වියළා ගැනීමෙන් නැවත පාවිච්චියට ගත හැකිය. ජනමාධ්‍යයෙන් දැනුවත් කරන ආකාරයට සෙන්ටිග්‍රේඩ් අංශක35 පමණ උෂ්ණත්වයකදී වෛරසය විනාශවන බැවින් එය මත පිරිසුදු රෙදි කැබැල්ලක් තබා අයන් කරගැනීමෙන්ද නැවත පාවිච්චියට ගත හැකිය.

 

2020/05/20 තරුණි පුවත්පත බලන්න

 

 

ඉදිරිපත් කිරීම - ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම් රහිත මැහුම් කලාව හඳුන්වා දුන් ප්‍රවීණ ශිල්පිනී

ගීතා ද සිල්වා