මේ කාලයේ මුදල් උපයන්න නොහැකි වුණත් සරණක් අවැසි අයට පිහිටක් වුණා

රූපලාවණ්‍ය ශිල්පිනී චන්ද්‍රිකා
ජුනි 17, 2020

මනුෂ්‍යයත්වයේ දෑත් දිගු කරන්නට ලොව සියල්ලන්ගේ සිත් උණුවන්නේ නැහැ.සංවේදි හදවතක් උරුම වන්නෙත් කීයෙන් කී දෙනාටද? කොවිඩ්19 ව්‍යසනය හමුවේ මුළු ලෝකයම අසරණ විය.

මේ එකිනෙකාගේ උදවු උපකාර සහයෝග අවැසිම මොහොතකි.යලිඳු නැගී සිටින්නට වෙර දරණ ශ්‍රී ලාංකේය අපිද සරණක් අවැසි තැනට වහා පිළිසරණක් වෙමු.

ඇය චන්ද්‍රිකා ජයසූරිය.කෑගලු පුරවරයේ දැදිගම,තුංතොට ග්‍රාමය මධ්‍යයේ පිහිටි සැලෝන් දෙව්ලි හිමිකාරිණියයි.නවීන පන්නයේ රූපලාවණ්‍ය උපකරණ,තාක්ෂණික දැනුම මේ සියල්ල එක්තැන් වූ සොඳුරු තෝතැන්නකි.

පුරා 26වසරක් තම රූපලාවණ්‍ය අත්දැකීම් සමඟින් පවත්වාගෙන යන්නකි.හතු පිපෙනවා වගේ සෑම තැනකම රූපලාවණ්‍යගාර ඉදි වේ.එවන් යුගයක පාරිභෝගික විශ්වාසය පවත්වාගෙන යමින් සුහදශීලි සේවාවක් ලබා දෙන්නට සියල්ලන්ට නොහැකිය.මේ තමන් සතු අප්‍රතහිත උත්සාහය,ධෛර්ය,කැපවීම,ඉවසීම යන ගුණාංග මතින් යා යුතු ගමනක්මය.

ඒ සඳහා ඇය මුලින්ම හැදෑරීම් කර තිබෙනුයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ආදණීය ආචාර්යවරයකු වූ ප්‍රේමසිරි හේවාවසම්ගෙනි.අනතුරුව රමණී අර්සකුලරත්න යන ක්ෂේත්‍රයේ නම් දැරූවන්ගෙන් ගුරුහරුකම් ලබා තිබේ.මේ වනවිට ඇය NVQ Level-5  සහතිකලාභිනියකි.

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.