බතික් රෙද්දෙන් ගමනට බිමනට බෑගයක්

අගෝස්තු 19, 2020

රෝස පාටයි කළු පාටයි හරිම ලස්සනයි. මේ පාට දෙක එකතු වූ බතික් රෙද්දෙන් බෑග් එකක් මැසූවිට ඒක තවත් ලස්සනයි.

විවිධ වර්ගයේ බෑග් විලාසිතා මහන්න කියා දෙන මේ විශේෂාංගයෙන් අද අපි පහදා දෙන්නෙ දෝණිට පංති ගෙනියන්න වගේම එදිනෙදා ගමන්බිමන් යන ඔබටත් ගෙන යා හැකි බෑග් විලාසිතාවකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බතික් රෙදි මීටරයක්

ලයිනිං සඳහා කැම්බ්‍රෙල්ලා මීටරයක්

ඊවා ෂීට් මීටරයක්

නොම්බර 05 සිපර් මීටරයක්

නොම්බර 05 සිපර් හෙඩ් එකක්

 

මසාගන්නා ආකාරය

පළමුව ඒ රූපයේ පෙනෙන ආකාරයට අඟල් 24ය14 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක්, ලයිනිං කොටස් දෙකක් සහ ෂීට් කොටස් දෙකක් කපා ගන්න. දැන් රෙදි කොටස, ෂීට් කොටස සහ තෙවනුව ලයිනිං කොටස තබා එකට මසා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ

 

2020/08/19 තරුණි පුවත්පත බලන්න