රැකියාවට යන ඔබට ලන්ච් බෑගයක්

සැප්තැම්බර් 23, 2020

රැකියාවට යන ඔබ වෙනුවෙන් කොටු හැඩයට මැසූ ලන්ච් බෑග් එකකි. කෑම එක, වතුර බෝතලය හා කුඩය වැනි දෑ ගෙන එන්නට මේ බෑගය කදිමයි. මැහුමට ගෙතුමට දස්කම් දක්වන්නේ නම් ඒ හැකියාවත් එකතුකර ගනිමින් මේ බෑග් විලාසිතාව ඔබේම අතින් මසා ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හෑන්ඩ්ලූම් රෙදි මීටර් ½ ක්

කැම්බ්‍රෙල්ලා රෙදි මීටර් ½ ක්

ෂිපර් අඟල් 17 ක්

ෂිපර් හෙඩ් 1 ක්

රෙදි කපන අයුරු

පළමුව රූප සටහනේ පෙනෙන ආකාරයට මිමිවලට රෙදි කොටස් හා ලයිනිං කොටස් කපා ගන්න. ඉන්පසු එම රෙදි කොටස්වල යටට ලයිනිං තබා මසා ගන්න.

මෙහි ඒ කොටස එනම් බෑගයේ ඉදිරිපස හා පිටුපස කොටස් අවශ්‍ය නම් පමණක් උඩින් දෙපැත්ත වක්‍ර කරගත හැකිය.

උපදෙස් - ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ

 

2020/09/23 තරුණි බලන්න.