දෝණිට සුවපහසුව ගෙනෙන සිඟිති ඇඳුම්

සැප්තැම්බර් 30, 2020

ගෙදර සිඟිත්තියක් ඉන්නවා කියන්නේ මුළු පවුලටම සිරියාවක්. පුංචි බෝනික්කියක් වගේ ලස්ස්නට ඉන්න

ළදැරිය වෙනුවෙන් සැහැල්ලු, ලස්සන ගවුම් පොඩිති මසා දෙන්න අම්මාත් බොහොම උනන්දුයි. ඒ නිසාම අපි මාස අටක් හෝ ඊට වැඩි දියණියන්ට ගැළපෙන ලස්සන ගවුමක්, කලිසමක් සහ තොප්පියක් මෙලෙස තිළිණ කරන්නෙමු.

මේ ඇඳුම් අප නිර්මාණය කරන්නට යන්නේ පතරොම් සහිත ඇඳුම් මැසීමේ ක්‍රමයටයි.

අපි මෙහි දැක්වෙන ගවුම නිර්මාණය කරන්නට පෙර පළමුව මූලික ළදරු ගවුම නිර්මාණ කරන අකාරය බලමු. එම මූලික ළදරු ගවුම නිර්මාණය කරන්නට ඉගෙනගත් පසු ඔබට විවිධ මෝස්තරවල ළදරු ඇඳුම් නිර්මාණය කරගන්නට හැකියි.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ෂර්මිලාරණවීර

 

2020/09/30 තරුණි පුවපත බලන්න