සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳ ඔබ දැනුවත් ද?

අගෝස්තු 19, 2020

මල්වර වු ළදැරියගේ පටන් ආර්තවහරණය දක්වාම යුවතියන්,කාන්තාවන් මාසික ඔසප් වීමට මුහුණ දෙයි. මේ දින කිහිපයේ ඈ සමීපයෙන් ම රැඳෙමින් ඈට සහාය වන්නී සනීපාරක්ෂක තුවායි.

සනීපාරක්ෂක තුවා භාවිතය ආවාට ගියාට කළ යුතු නොවේ. වෙළෙඳපොළේ විවිධ සනීපාරක්ෂක තුවා පවතී. මේවායින් ඉටුකරන කාර්යභාරය එක හා සමාන නැත.

සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳ මාතෘ හා ළමා උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය' අපේ මිස්' යූ ටියුබ් නාළිකාව 'baby care lanka'  ෆේස්බුක් සමූහය වෙත එවා ඇති ගැටලු සඳහා ලබා දෙන පිළිතුරු මෙලෙස තරුණි පුවත්පතේ පළ වෙයි.

විවිධ සනීපාරක්ෂක තුවා වර්ග පවතී.මේවා විවිධ නම්වලින් හඳුන්වයි. මේවා මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සනීපාරක්ෂක තුවා

sanitary pads


විවිධ වර්ගවල සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළේ පවතී.දියරමය ස්වභාවය හොඳීන් උරා ගැනීමට හැකි කෘත්‍රිම ද්‍රව්‍යයන් ඇතුළට යොදා මේවා නිෂ්පාදනය කර තිබෙනවා.

මුල් කාලයේදී කපුවලින් නිෂ්පාදිත තුවා වෙළෙඳපොළට පැමිණියත් සනීපාරක්ෂක තුවාවල කාර්යක්ෂමතාව එහි අවශෝෂණය කිරීමේ හැකියාව මත රඳා පවතින බැවින්, අවශෝෂණය වැඩි කරගැනීමට මේවා නිෂ්පාදකයන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරයි.

උදා.

Suberaborbent polimer (SAP),
සෙලියුලෝසික් ෆයිබර්
Reyon
 

කැටිති ස්වරූපයෙන් හෝ සංයුක්ත රෙදි ස්ථරයක් ලෙස මේවා සනීපාරක්ෂක තුවා තුළට ඇතුළු කරයි.

මේ සමහරක ඇති ඩයොක්සින් වැනි සංයෝග ඩිම්බකෝෂ පිළිකා පවා ඇති ඇති කිරීමට හේතු වන බව සොයාගෙන ඇත.

මේ නිසා නිවෙසේ විවේකීව සිටින අවස්ථාවලදී, රාත්‍රියේ දී සනීපාරක්ෂක තුවා වෙනුවට කපුවලින් තැනූ ඇඳ පරණ කරන ලද කපු රෙදි පිළිවලින් සෑදු උරාගැනීමේ තුවායක් සකසා  safety pin හෝ යට ඇඳුමට අල්ලා මසන ලද පටියක් හෝ පැසක් ආධාරයෙන් පැලඳීම වඩා උචිතය.(කෘත්‍රිම සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළට පැමිණීමට පෙර කාන්තාවන් මේවා භාවිතා කරන ලදී.)

පැය 3-4 කට වතාවක් සනීපාරක්ෂක තුවා මාරුකිරීම අවශ්‍ය ය.

රෙද්දකින් තැනූ සනීපාරක්ෂක තුවායක් නම් පැය 2-3 වරක් එහි වියළි මතුපිටක් සිරුර දෙසට සිටින සේ නැවත නමා හෝ මාරු කිරීම හෝ කළ යුතුයි.

වෙළෙඳපො⁣ළේ ඇති සනීපාරක්ෂක තුවා

මේවා කිහිප ආකාරයකට වර්ගීකරණය කර ඇත. මිලදී ගැනීමේදී මේවා දැන ගැනීම ඉතා වැදගත්ය.ආවරණය පිටතින් මේවාහි නම් සඳහන් කර ඇති අතර සමහර විට ආවරණය පැහැය ද මේ වර්ගීකරණය අනුව වෙනස් වේ.

Cotton feel / Reguler

බහුලවම භාවිතා වන සාමාන්‍ය තත්ත්වය රුධිර වහනය සඳහා භාවිතා කරන සනීපාරක්ෂක තුවා වර්ගයයි.මෙහි ද යට ඇඳුමට දෙපසින් සම්බන්ධ කළ හැකියි.පියාපත් (ඹඪදඨඵ) ඇති, තුවාය යටින් පමණක් ඇලවීමට හැකි ලෙස වර්ගීකරණයන් ඇත.

 

"අපේ මිස්"

යූ ටියුබ් නාලිකාව

"අපේ මිස්"

ෆේස්බුක් සමූහය

babycare lanka
 

වෙත ලැබෙන අම්මලාගේ සිතේ දැවෙන ප්‍රශ්න අතුරින් අතිශය වැදගත් තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් තරුණී වෙතින් ඔබට තිළිණ වේ.

 

 

2020/08/19 තරුණි පුවත්පත බලන්න