ඉබෝලාට සමාන තවත් භයානක වෛරසයක්

නොවැම්බර් 25, 2020

චැපර්

තවමත් ලෝකයා කෝවිඩ් - 19 නම් භයානක සිහිනයෙන් අවදිවී නැත. එහෙත් ඒ සිහිනයෙන් අවදිවීමට පෙර තවත් ඊටත් වඩා භයානක සිහිනයකට ප්‍රවේශ වීමට සිදුවී තිබෙයි. චැපර් නමින් හඳුන්වන මේ වෛරසය ලොවට එන්නේ බොලීවියාවෙනි.

අමෙරිකා එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය (සීඩීසී) මේ බව සනාථ කරගෙන තිබෙයි. ඩෙංගි කියා මුලින් සිතුව ද සැකයක් ඇතිවූ නිසා බොලීවියාව විසින් සීඩීසී වෙත රෝගීන්ගේ රුධිර සාම්පල එවා තිබෙයි. වෛරසය ආසාදිතවූ පස් දෙනකුගෙන් තුන් දෙනකුම මියයාම නිසා ඔවුන්ගේ සැකය දෙගුණ තෙගුණ වී ඇත. ඩෙංගි යැයි සැකකර ප්‍රතිකාර කළ විසිපස් හැවිරිදි වෛද්‍යවරිය ද රෝගයෙන් මියගොස් තිබෙයි. සෑම අතින්ම කෝවිඩ් - 19 ට වඩා භයානක මේ අලුත් වෛරසය කුමක්ද?

චැපර් කියන්නේ.......

මිනිසාගෙන් මිනිසාට වැලඳෙන වෛරසයක්. කෝවිඩ් - 19 වගේම කොරෝනවිරඩි පවුලට අයත් වෛරසයක්. මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත මීයන් වැනි කෘන්තකයන්ගෙනි. කෙලින්ම හෝ වක්‍රාකාරව උන්ගේ මල. මුත්‍රා, ඛේඨය හෝ ආසාදිත සත්වයා ස්පර්ශ වීමෙන් මිනිසාට රෝගය බෝ වෙනවා. ආසාදිත සතකු සීරීමෙන්, සපා කෑමෙන්, ආශ්වාස වීමෙන්, ආසාදිත සතකුගෙන් අපිරිසුදුවූ ආහාරවලින්, ජලයෙන් වෛරසය මිනිසාට ශරීරගත වීමට පුළුවන්. මෙයත් ඩෙංගි වගේ රක්තපාත උණක්. මුලින්ම රෝගය පැතිරීම ගැන ආරංචි වුණේ 2004 වසරේදීයි. ඒ බොලීවියාවේ චැපර් පළාතෙන්. වෛරසයට චැපර් නම ලැබුණෙත් ඒ නිසයි. එවර රෝගයෙන් මිය ගියේ එක් අයකු පමණයි. දෙවෙනි වර රෝගය ව්‍යාප්ත වූයේ 2019 වසරේදීයි. ඒ බොලීවියාවේ කරනවි පළාතෙන්.

එවර පස් දෙනකුට රෝගය වැලඳුණ අතර තිදෙනකු මිය ගියා. තිදෙනකුම සෞඛ්‍ය සේවකයන්. වෛරසයෙන් රක්තපාත තත්ත්වයක් ඇති වන නිසා අමෙරිකා එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය ( සීඩීසී ) සනාථ කරන තුරු මේ ඩෙංගි රක්තපාත තත්ත්වයක් කියා ඔවුන් සිතුවා. එහෙත් මරණ තුනක් සමඟ මේ තවත් රතු එළියක් බවට විද්‍යාඥයන්ට සැක පහළ වුණා.

බෝවන්නේ කොහොමද?

මීයන් වැනි කෘන්තකයන්ගෙන් රෝගය බෝවන බව සොයා ගෙන තිබුණ ද හරියටම කුමන කෘන්තකයගෙන් රෝගය බෝවෙනවා ද කියා තවමත් විද්‍යාඥයන් තහවුරුකර ගෙන නැහැ. රෝගීවූ පුද්ගලයකුගෙන් නීරෝගි පුද්ගලයකුට රෝගය පැතිරෙන්නේ සෙම් බිඳිති, ඛේඨය, ශරීර තරල ( ශුක්‍රාණු තරල, යෝනි ස්‍රාව ) මඟින්. මිට අමතරව සෞඛ්‍ය සේවකයන් රෝගීන්ට කෘත්‍රිම ස්වසනය ලබාදීමට යාම වැනි ක්‍රියාකාරකම්වල යෙදීමේදී විසබීජය ශරීරගත විය හැකිය. බොලීවියාවේ වෛද්‍යවරයකු ඇතුළු සෞඛ්‍ය සේවකයන් තිදෙනකුම මියගියේ එසේ ප්‍රතිකාර කිරීමට යාමේදී කියා අනුමාන කරනවා. තවමත් මේ වෛරසය හඳුනාගෙන එතරම් කලක් නැති නිසා රෝගය බෝ වෙන ආකාරය ගැන අධ්‍යයනය කරමින් පවතිනවා.

රෝග ලකුණු මොනවාද?

ඩෙංගි රක්තපාත උණට සමාන ලක්ෂණ චැපර් වෛරසය ශරීරගතවූ විට දක්නට ලැබෙනවා. වෛරසයේ බීජෞසන සමය දින 4 - 21 ක කාලයක්. එනම් විසබීජ ශරීරගතවී දින 4 - 21 කදී රෝග ලකුණු ඇතිවීමට පටන් ගන්නවා. උණ, හිසරදය, සන්ධි - මාංසපේශි වේදනාව, ඇස් යට වේදනාව, උදර වේදනාව, වමනය, ඩයරියා, විදුරුමස්වලින් රුධිරය පිටවීම, පලු හට ගැනීම, නොරිස්සුම් සහගත බව

කොහොමද වෛරසය හඳුනා ගන්නේ?

බොහෝ වෛරස මෙන් චැපාර් වෛරසය ද මිනිසාගේ රුධිරය, රුධිර තරලය, මුත්‍රා, සෙම ආදියෙහි අඩංගුයි. 2004 දී මුල් වරට වෛරසය හඳුනා ගත්තේ රියල් - ටයිම් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් - පොලිමරේස් චේන් රියැක්ෂන් (අඊ-ර්‍ථඛ්අ) පරීක්ෂණයෙන්.

ප්‍රතිකාර තිබෙනවාද?

තවමත් වෛරසයට ප්‍රතිකාරයක් නැහැ. දැනට කරන්නේ රෝගියා විජලනයට පත්වීම වැළැක්වීම, වේදනානාශක මඟින් වේදනාව සමනය කිරීම, උණ පාලනය කිරීම, කම්පන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම වැනි ක්‍රියා මාර්ග මඟින් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ ගැනීමයි.

අවශ්‍ය නම් රුධිරය ලබා දීමට ද පියවර ගන්නවා.

රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

තවමත් චැපර් වෛරසය අපට බලපා නැහැ. එහෙත් එසේ සිතා අපට සැනසීමට බැරි අප ජීවත් වන්නේ ගෝලීයකරණයවූ සමාජයක නිසයි. කොහොමවුණත් කෘන්තකයන් බොහෝ ලෙඩ රෝග බෝ කරන සතුන් විශේෂයක්. එනිසා මීයන් වැනි සතුන්ට පදිංචි විය හැකි තැනක් බවට නිවෙස පත් නොකළ යුතුයි. නිවෙසේ පවිත්‍රතාව පවත්වා ගෙන යාම ඉතා වැදගත්. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේදී අප අනුගමනය කරන දෑත් සබන් ගා සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පිළිවෙත් දිගින් දිගටම ක්‍රියාත්මක කළ යුතුයි.

ආහාරවල සහ ජලයේ පිරිසුදුකම ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අන්තර්ජාලයෙනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.