වෛරස් රෝග නසන සොඳුරු සේපාලිකා

දෙසැම්බර් 16, 2020
  •  අමතර සෙම ඉවත් කිරීමට සේපාලිකා පොතු තම්බා බුලත් කොළ සමඟ අඹරා අර ගන්න. මේ යුෂ පානයෙන් සිරුරේ අනවශ්‍ය සෙම ඉවත් වෙනවා. සේපාලිකා කොළවල බැක්ටීරියානාශක ගුණයක් පවතිනවා.
  •  
  •  සේපාලිකා කොළ සාරය කෘමිනාශකයක් ලෙසින් යොදාගන්නවා.
  •  
  •  සේපාලිකා මල් සාරය හොඳ සුවඳ විලවුන් වර්ගයක්. හිසකෙස් ගැලවී යාමට සේපාලිකා ඇට තලා පල්පයක් සාදා හිස්කබලේ ගල්වන්න.

 

 

සේපාලිකා මලක සුන්දරත්වයෙන් නාසය සිසාරා පැතිර යන සුවඳින් වශී නො වන්නේ කවුරුන්ද? දවසම සුබ දවසක් කිරීමට මේ පියකරු මල නෙත ගැටීම ම ප්‍රමාණවත්. හැඩෙන් සුවඳින් පමණක් නොව ගුණයෙන් ද සේපාලිකා ශාකය ඉහළ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ.

එනිසා උදෑසනට තණ තිල්ලට වැටී පියකරු දසුනක් මවන සේපාලිකා සැන්දෑ වන විට වියළී යනවා.

දකුණු ආසියාවටම අභිමානයක් ගෙන දෙන අපටම ආවේණික සේපාලිකා ශාකයේ දල්ලේ සිට මුල දක්වාම ගතහැකි ප්‍රයෝජන අතිමහත්ය. මල්වල යුෂ හිස කෙස් අකලට සුදු වීම වැළැක්වීමටත් තට්ටය පෑදීම වැළැක්වීමටත් යොදා ගනියි. මල් තැම්බූ ජලය උදරයේ අනවශ්‍ය වාතය ඉවත් කිරීමට උපකාරී වෙයි. හොරි සහ චර්ම රෝගවලට ද සේපාලිකා මල් යුෂ යොදා ගනියි. දෙපාවල ඇඟිලිවලට බලපාන  gout  (ගවුට්) නම් ආතරයිටිස් තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ද සේපාලිකා මල් තැම්බූ වතුර ප්‍රතිකාරයක් ලෙසින් යොදා ගන්නවා.

සේපාලිකා කොළ තම්බා කුඩා දරුවන්ගේ වට පණු, පටි පණු රෝග සඳහා ලබා දෙනවා. සේපාලිකා කොළවල ව්රේචන ගුණයක් පවතිනවා. එනිසා මලබද්ධය ඇති අයට ගුණදායකයි. දහදිය හොඳින් දැමීමට, මුත්‍රා හොඳින් පිට වීමට සේපාලිකා කොළ තම්බා බොන්න. ආහාර අරුචියට, අර්ශස්වලට, අක්මා අක්‍රමිකතාවට, පිත නිපදවීමේ අක්‍රමිකතාවට, දිගුකල් පවතින උණ තත්ත්වයට, රුමැටික් ආතරයිටිස් තත්ත්වයට සේපාලිකා කොළ තැම්බූ වතුර ඖෂධයක්. සමේ දිලීර ආසාදන ඇති විට සේපාලිකා කොළ ඔසුවක් ලෙසින් යොදා ගන්නවා. අද කාලයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන වියළි කැස්සටත් මෙය ගුණදායකයි. සේපාලිකා කොළ යුෂ තලා පල්පයක් මෙන් සාදා මී පැණි සමඟ මිශ්‍රකර දිනකට තුන් වරක් ගැනීම වියළි කැස්සට මෙන්ම උණට ද අධික රුධිර පීඩනයට ද හොඳම ප්‍රතිකර්මයක්.

සේපාලිකා කොළ 6 - 7 ක් ගෙන ජලය මිලිලීටර් 200 ක තම්බා ගන්න. මිලිලීටර් 100 වන තුරු එනම් අඩක් හිඳෙන තුරු තම්බා ගන්න. ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා ලෙමන් බින්දු 3 ක් එක්කරන්න. දිනකට 3 - 4 වරක් මේ කෂාය පානය කරන්න.

සේපාලිකා කඳේ පොතු රුමැටික් ආතරයිටිස් රෝගයේදී සන්ධි වේදනාව සමනය කිරීමට යොදා ගන්නවා. සෙම ඉවත් කිරීමට ද සේපාලිකා කඳේ පොතු භාවිත කරයි. සර්ප දෂ්ටනයට ද බ්‍රොන්කයිටිස් තත්ත්වයට ද මෙය ගුණදායකයි.

 

අන්තර්ජාලයෙනි