ඔබටත් හතළිස් ඇඳිරිය ද ?

නොවැම්බර් 22, 2018
Pin hole Glass ඊට කදිම විසඳුමක්         ළඟකදි ඉඳලා ඇස් පෙනීමත් අඩුයි වගේ? මොකද හතළිස් ඇඳිරිය ද? බොහෝවිට මැදිවියේ සිටින කෙනෙක් ඇස් පෙනීමේ අඩුවක් ගැන සඳහන් කළොත් එය හතළිස් ඇඳිරිය නිසා සිදුවන තත්ත්වයක් ද යන්න අප අනුමාන කරන අවස්ථා තියෙනවා.
 
වයස අවුරුදු 40 හෝ ඊට වඩා වැඩි අයෙක් නම් ඔබට මේ වන විටත් පුවත්පත් සඟරා ආදිය කියවීමේ දී කුඩා අකුරු හෝ කුඩා දේවල් බොඳවී පෙනීම, කුඩාදේ වඩාත් ළංකර බැලීමට සිදුවීම, අඩු ආලෝකයක් ඇති ස්ථානවලදී කියවීමට ඇති අපහසුතාවය අත්විඳිනවා වන්නට පුළුවන්. මෙම තත්ත්වය අපට හඳුනාගත හැකියි.
 
මෙම හතළිස් ඇඳිරිය වශයෙන් හැඳින්වෙන තත්ත්වය කුමක් ද? මෙහි විද්‍යාත්මක පසුබිම කුමක් ද? යන්න විමසා බලමු.
 
අවුරුදු 40 ට ආසන්න වනවිට අපගේ ඇසෙහි පිහිටා ඇති ඉතා සියුම් ව්‍යුහයන් වන අක්ෂි කාචයේ සහ එයට සම්බන්ධිත සියුම් පේශී පද්ධතියේ ඇතිවන දුර්වලවීමක ප්‍රතිඵලයක් ලෙස හතළිස් ඇඳිරිය තත්ත්වය ඇතිවනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන්නේ සුළු සුළු වෙනස්කම් සහිතවයි.
 
විශේෂයෙන්ම තමන් කරන රැකියාව, මානසික ආතතිය දිගු කාලීනව පීඩා විඳින රෝග තත්ත්වයන් (උදා. දියවැඩියාව අධිරුධිර පීඩනය- හතිය- වේදනා නාශක) වැනි දේවල් නිසාත් මෙම තත්ත්වය නිසි වයසට පෙර වුවත් ඇතිවීමට පුළුවන්. එම නිසා අක්ෂි විශේෂඥවරුන්ගේ අදහස වන්නේ වසරකට වරක් හෝ ඉතා නිවැරැදි දෘෂ්ටි පරීක්ෂාවක් මඟින් තමන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබේද යන්න ගැන සැකහැර දැනගැනීම වැදගත් බවයි.
 
එමඟින් හතළිස් ඇඳිරිය තත්ත්වය මෙන්ම වෙනත් අක්ෂි රෝග තත්ත්වයන් පවා කලින් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනවා. උදා- දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි දුර්වලතා  අඥබඪදධනචබදර  වැනි දේ කලින් හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාරයන්ට යොමුවීමේ අවස්ථාව ලැබෙනවා.
 
එසේ නොමැතිව කල්ගතවීම මඟින් සදාකාලිකව අන්ධභාවයට වුවද පත්විය හැකියි. එම නිසා පළපුරුදු, දක්ෂ දෘෂ්ටි පරීක්ෂකයකු ලවා ඇස් පරීක්ෂා කරගැනීම වැදගත්. එසේ නොමැතිනම් රජයේ රෝහල්හි අක්ෂි සායනවලදී වුවද මෙම පරීක්ෂාව සිදුකරගත හැකියි.
 
 
 
හතළිස් ඇඳිරිය ඇති අයට කණ්ණාඩි භාවිතයට අමතරව වෙනත් ප්‍රතිකර්ම තිබේ ද?
 
අක්ෂි පේශීවල ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යාමට උපකාරීවන පෝෂ්‍යදායී ආහාරපාන ලබාගැනීම, යහපත් ජීවන පුරුදු පවත්වා ගැනීම, මත්ද්‍රව්‍ය, සිගරට්වලින් තොර සැහැල්ලු ජීවිතයක් පවත්වාගෙන යාම මඟින් අක්ෂිවල නිරෝගිතාවය පවත්වාගත හැකියි.
 
අතීතයේ භාවිත කරන ලද පුරාණ ඇස් වෙදකමේ මේ සඳහා ඉතා හොඳ 100% ක් සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිකර්මයක් භාවිතකර තිබුණි. මෙය වසර සිය ගණනක ඉතිහාසයක් තිබෙන ලංකාවේ පමණක් නොව චීනය, ඉන්දියාව, යුරෝපය පවා භාවිතකර තිබෙන බව ඇසුවහොත් ඔබ පුදුමවනු ඇත.
 
මෙමඟින් ඇසේ අභ්‍යන්තරයේ පවතින සියුම් කාචයේ නම්‍යශීලී බව වැඩිකර එම කාචය වටා ඇති පේශී උත්තේජනය කර දුර්වල වී ඇති එම පේශී නැවත ශක්තිමත් කිරීම සිදු කරයි. මෙම ක්‍රමයේ අනෙක් වාසිය වන්නේ, ඖෂධ ගැල්වීමක්, සැත්කම් කිරීමක් ඖෂධ ගැනීමක්, එන්නත් කිරීමක් නොමැතිව යොදාගත් ආරක්ෂිත ක්‍රමයක් වීමයි.
 
මෙහිදී කණ්ණාඩියකට සමාන හැඩහුරුකමක් ඇති නමුත් සාමාන්‍ය කණ්නාඩියක මෙන් විනිවිද පෙනෙන කාච නොමැති මෙවලමක් භාවිත කරයි.
 
එහි කාච මුහුණත තද දුඹුරු පැහැයක් ගන්නා අතර ඉතා කුඩා සිදුරු රාශියකින් සමන්විත වෙයි. මෙම සිදුරු මඟින් එන ආලෝක කිරණ (නඪද ඩධතඥ) ඇස තුළට ගමන්කර උත්තේජනය ඇති කරයි. මෙමඟින් දුර්වල වී තිබූ අක්ෂි පේශී ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාකිරීම ආරම්භ වෙයි.
 
කාලයත් සමඟ එය ඉතා වේගයෙන් නැවත පෙර තිබූ පරිදිම ක්‍රියාකාරීවීමට පටන් ගනියි. එවිට කණ්නාඩි දැමීමකින් තොරව වුවත් දුර හෝ ළඟ ස්වාභාවික ඇස්වලින් පමණක් දැකගැනීමට හැකියාව ලැබෙයි.
 
මෙම කණ්නාඩිය නඪද ඩධතඥ ඨතචඵඵ නමින් හඳුන්වා අතර ඔබට හතළිස් ඇඳිරිය හෝ වෙනත් දෘෂ්්ටි ආබාධ රැසකට ඉතා හොඳ ප්‍රතිකර්මයක් ලෙස භාවිත කිරීමේ හැකියාව පවතියි.
 
ඉහත සඳහන් නඪද ඩචතත ඨතචඵඵ භාවිතයට උනන්දුවක් දක්වන අය දැනුවත් විය කරුණු මොනවා ද?
 
මෙම නඪද ඩධතඥ ඨතචඵඵ භාවිත කිරීමට පෙර ඉතා හොඳින් තම දෑස පරීක්ෂාකර ගත යුතු වෙනවා.
 
අනෙක් කාරණය නම් තමන් හට පෙනීමේ දුර්වලතාවයක් ඇතිවී තිබෙන්නේ වෙනත් රෝගයක් හේතුවෙන් නොවන බවට සැකහැර දැනගත යුතුවනවා. මේ සඳහා පළපුරුදු වෛද්‍යවරයකුගේ සහය ලබාගත යුතුයි.
 
ඉන් අනතුරුව සිදුකරන පූර්ණ අක්ෂි පරීක්ෂාවකින් පසු තමාට ඇති අක්ෂි දුබලතාවයට අනුරූප වන ලෙස සැකසූ නඪද ඩචතත ඨතචඵඵ එකක් පැලඳීමට හැකියි. එය පලඳා ටික කාලයක් ගතවන විට තම පෙනුම දියුණු වී ඇති ආකාරය තමන්ටම අත්විඳීමේ හැකියාව ලැබෙනවා.
 
ඊට අමතරව ඇසේ සුද මඟින් පෙනීම අවහිර වුණු අයටත් සැත්කම් කිරීමකින් තොරව මෙම ක්‍රමය මඟින් යම් පමණකට පෙනීම ලබාගන්නට පුළුවන්.
 
එහෙත් සුද මඟින් සම්පූර්ණයෙන් අවහිර වී ඇති විට මෙය සාර්ථක වන්නේ නෑ.
 
මෙමඟින් ඇසේ සුද ඉවත් වීමක් සිදුනොවන අතර සුද නිසා අවහිර නොවූ ප්‍රදේශවලින් ආලෝකය ගමන් කිරීමට සලස්වා පෙනීම වැඩිදියුණු කිරීම පමණක් සිදුවේ. තවද විවිධ ශාරීරික හේතු නිසා ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකළ නොහැකි අයකුට මෙම ක්‍රමය මඟින් නැවත යම් පමණකට හෝ පෙනීම ලබාගැනීමට හැකියාව තිබෙයි.
 
හතළිස් ඇඳිරිය ඇති අයට ඉහත කී ප්‍රතිකර්මයන් කෙරෙහි යොමුවිය හැක්කේ කෙසේ ද?
 
පුර්ණ ඇස් පරීක්ෂාවක් සිදුකර ඇසේ සුද සහ වෙනත් අක්ෂි දෝෂ හඳුනාගැනීමටත් නිවැරැදි ලෙස ඇස් කණ්නාඩියක් ගැනීමටත් නඪද ඩධතඥ ඨතචඵඵ ප්‍රතිකර්ම පිළිබඳ නොමිලයේ උපදෙස් ලබා ගැනීමටත් මෙම මාසය පුරාවටම අප ආයතනය තුළින් ඒ අයට හැකියාව තිබෙනවා.
 
නොමිලයේ මේ සියලු පරීක්ෂාවන් සිදුකර ගැනීමටත් පුළුවන්. මෙම මස 30 දක්වා බොරැල්ලේ මහා වෙළෙඳ සැල් ගොඩනැගිල්ලේ පිහිටි අප ශාඛාවට පැමිණ මෙම සියලු පරීක්ෂා කිසිදු ගාස්තුවක් නොමැතිව සිදුකර ගැනීමටත් ඕනෑම අයකුට අවස්ථාව තිබෙනවා.