කෑම කන්න හොඳම හා නරකම වේලාව

දෙසැම්බර් 3, 2018

බත්

කන්න හොඳම වේලාව

දහවල් කාලය

නරකම වේලාව

රාත්‍රී කාලය

රාත්‍රියට බත් ආහාරයට ගැනීමෙන් එකවර රුධිරගත ග්ලූකෝස් මටටම ඉහළ යන අතර කිසිම වැඩක් පලක් නොකර නිදා ගැනීමෙන් ඒවා මේදය බවට පත්වී ශරීරය තුළ තැන්පත් වේ.

 

කිරි

බොන්න හොඳම වේලාව

රාත්‍රී කාලය

නරකම වේලාව

උදය කාලය

උදෑසන අවදි වූ සැණින් කිරි වීදුරුවක් පානය කිරීම සුවදායක අත්දැකීමක් වුවත් එය උදෑසන පෝෂ්‍යදායි වෙනත් ආහාර සමඟ එකතු වූ විට ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බව සෞඛ්‍යවේදීන් පවසයි. තවද කිරිවල මෙලටෝනින් නමැති හෝර්මෝනය අඩංගුවන නිසා රාත්‍රී කාලයේ කිරි පානය කිරීම තුළින් සුවදායී නින්දක් ලැබීමට ද හැකියි.

 

මීකිරි

කන්න හොඳම වේලාව

දහවල් කාලය

නරකම වේලාව - රාත්‍රී කාලය

විශේෂයෙන් ඔබ කැස්ස හා සෙම් රෝගවලින් පෙළෙන කෙනෙක් නම් රාත්‍රී කාලයේ මී කිරි අනුභවය කිසිසේත්ම සුදුසුවන්නේ නෑ. එම නිසා සෑම කෙනෙක්ම මී කිරි දහවල් කාලයේ පරිභෝජනය කිරීම

සෞඛ්‍යාරක්ෂිත බවින් පසුවීමට හේතු වේවි.

 

මාංස බෝග හා ඇට වර්ග

කන්න හොඳම වේලාව

මධ්‍යහ්න කාලය

නරකම වේලාව

උදය කාලය

 

මෙවැනි තන්තුමය ආහාර ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කරන බැවින් උදෑසනම අනුභව කිරීම මගින් දිනය පුරා ඔබේ ආහාර රුචිය වැඩිකරයි. එය අනවශ්‍ය ලෙස වෙනත් ආහාර ගිල දැමීමට පෙළඹවිය හැකියි.

 

සීනි

කන්න හොඳම වේලාව

උදය කාලය

නරකම වේලාව - රාත්‍රී කාලය

අධික ලෙස සීනි අඩංගු ආහාර රාත්‍රී කාලයේ අනුභව කිරීම ඉතාම අහිතකර අන්දමින් අපගේ සෞඛ්‍යයට බලපෑම් කරයි. විශේෂයෙන් රාත්‍රී ආහාරයෙන් පසුව පැණි රස ආහාර අනුභව කිරීමෙන් රුධිරයේ සිනි මට්ටම එකවර ඉහළ ගොස් ඒවා අතිරික්ත මේදය ලෙස ශරීරයේ තැන්පත්වේ. මෙය තරබාරුව ඇතිවීමට ප්‍රධාන හේතුවයි.

 

කෙසෙල්

කන්න හොඳම වේලාව

රාත්‍රී කාලය

නරකම වේලාව

උදය කාලය

ප්‍රතිශතයක් ලෙස කෙසෙල් හි සියයට 25 ක ස්වභාවික සීනි අඩංගුවන අතර තරමක ආම්ලික ගතියකින් යුතු වේ. මේ තත්ත්වය හේතුවෙන් හිස්බඩ කෙසෙල් ආහාරයට ගැනීම එතරම් හොඳ දෙයක් නොවන බව වෛද්‍යවරුන් පවසයි.

එසේම රාත්‍රී නින්ද නොයෑමේ ගැටලුවෙන් පෙළෙන අයට නින්ද යෑමට පෙර කෙසෙල් අනුභවයෙන් සුවදායි නින්දක් ලැබීමට හැකිවේ. ඒ නිසා වඩාත්ම සුදුසුවන්නේ රාත්‍රී කාලයේ මෙම පෝෂ්‍යදායි (පොටෑසියම්, ෆයිබර් හා මැග්නිසියම් යහමින් අඩංගු) පලතුර පරිභෝජනය කිරීමයි.

 

ඇපල්

කන්න හොඳම වේලාව

උදය කාලය

නරකම වේලාව

හවස / රාත්‍රී කාලය

 

ඇපල් යනු ඉතාම සෞඛ්‍ය සම්පන්න පලතුරක් ලෙස ලොව නම් දරා තිබුණත් හවස 6 න් පසු ඒවා අනුභවය නුසුදුසු බව සෞඛ්‍යවේදීන් පෙන්වා දේ. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නින්දට බාධා ඇතිවීම බවයි. උදෑසන කාලයේ ඇපල් අනුභවය මඟින් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත්ව සිදුවේ.

උපුටා ගැනීම  Natural Life ෆේස්බුක් පිටුවෙනි

ආර්යා