ලෙමන් අඩංගු ජලය පානය කිරීමෙන් ලැබෙන වාසි

දෙසැම්බර් 19, 2018

ජලය මඟින් අපේ සිරුරට ලැබෙන දේවල් බොහොමයි. ඒ නිසා සිරුරට අවශ්‍ය ලෙස ජලය පානය කිරීම ද ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඒ වගේම සාමාන්‍ය ජලයට ලෙමන් බිංදු දෙක තුනක් එක් කර පානය කිරීමෙන් ඔබට තවත් ප්‍රතිලාභ ලැබෙන බව දැන සිටියා ද?

බර අඩු කිරීම

ලෙමන් මඟින් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙනවා. ලෙමන් අඩංගු ජලය තුළ අන්තර්ගත වන පෙක්ටීන් මඟින් ආහාර පාලනය කිරීමක් ද සිදු කෙරෙනවා.

ප්‍රතිශක්තිකරණය

ලෙමන් තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් තිබෙනවා. ලෙමන් තුළ අන්තර්ගත වන ප්‍රතිබැක්ටීරියාකාරක හා ප්‍රති වෛරස නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමෙන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුවකරගන්න පුළුවන්.

කුරුලෑ

ඔබට බොහෝ සිත් පීඩා දෙන කුරුලෑ සුව කරගන්නට උදෑසන ලෙමන් යුෂ පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා.

මලබද්ධය පාලනය

ලෙමන් යුෂ පානය කිරීම බහිස්‍රාවීය ක්‍රියාවලියට උපකාර වෙනවා. ආහාර ජීර්ණය වේගවත් කරන අතර මලබද්ධය වැනි රෝග තත්ත්වයන් සුවකර ගත හැකි වෙනවා.

වකුගඩුවල ගල් හා මුත්‍රාශ ගල් පාලනය

ලෙමන් තුළ අන්තර්ගත වන පොටෑසියම් ප්‍රමාණය මඟින් මුත්‍රාශයේ ඛ්ඪබපචබඥඵ ප්‍රමාණය වැඩිකර ධයචතචබඥ වළකා වකුගඩුවල ගල් සෑදීම පාලනය කරනු ලබනවා. ඒ වගේම ලෙමන් යුෂ පානය කිරීම මගින් මුත්‍රාශයේ ගල් ද පාලනය වෙනවා.

සන්ධි වේදනාව සහ ඉදිමුම

ලෙමන් පානය කිරීම මඟින් සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කරගැනීම සඳහා උපකාරයක් ලබා දෙනවා. ආතරයිටීස් රෝගය වැලඳුණ පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසුයි.

මාංස පේශිවල රිදුම් සමනය කිරීම

මස්පිඩු පෙරළීම හා තැළීම නිසා ඇතිවන වේදනාවන්වලට ද ලෙමන් අඩංගු ජලය පානයෙන් විශාල සහනයක් ලැබෙනවා.

උපදෙස් - පෝෂණවේදී විශේෂඥ

වෛද්‍ය රේණුකා ජයතිස්ස

 

 

විදුමිණි දිසාකරුණා