ජීවිතය මිහිරෙන් පිරෙන්න සීනි අඩුවෙන් කමු

ජනවාරි 2, 2019

මේ ප්‍රාර්ථනය නම් ලබන්නා වූ අවුරුද්ද සෞභාග්‍යයෙන් පිරෙන්නටයි. ඒත් “පැණියෙන්” කියූ පමණින් බොහෝ දෙනකුගේ හිතට තිගැස්මක් නැඟෙනවා. ඒ තරමටම දැන් අපේ ඇත්තන්ට පැණි රස අගුණයි.

දොරින් දොරට තට්ටු කළෝතින් දියවැඩියා රෝගයෙන් පෙළෙන දියවැඩියාව වැලඳීමේ අවධානමෙන් සිටින අය බොහෝම සුලබයි.

බාල, මහලු වෙනසක් නැහැ. මේ කාටත් වැලඳෙන දියවැඩියාව ජාතික උවදුරක් ගාණයි.

“අනේ සීනි කෑවෙත් නෑ. ඒත් මගේ සීනි මට්ටම වැඩියි”

ඒ අතරේ බොහෝදෙනකු මේ පශ්චාත්තාපයෙන් පසුවෙනවා. ආරය, ව්‍යායාම නොමැතිවීම වෙනත් රෝගාබාධ වැනි බොහොමයක් සාධක දියවැඩියා රෝගය ඇතිවීමට හේතුªවන බව ඇත්තයි. කොහොම නමුත් සුලබ දියවැඩියාවට ආහාර හා ජීවන රටාවත් හේතු සාධක අතරේ ඉදිරියෙන්ම තිබෙනවා. එම නිසා දියවැඩියාවෙන් තොර ජීවිතයකටත්, වැලඳුණු දියවැඩියාව පාලනය කරගැනීමටත් “කට පරෙස්සම” බොහොම වටිනවා.

බොහෝදෙනකු සීනිවලින් කට පරෙස්සම් කරගනිද්දී සිතන්නේ ආහාරයට එකතු කරගන්නා සීනිවලින් වැළකී සිටීමටයි. ඒ අනුව ඔබත් සුදු සීනි, දුඹුරු සීනි, පැණි හා හකුරු සීමාකරනවා හෝ ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. සැබැවින්ම මෙලෙස ආහාරයට හිතා මතා සීනි එකතුකර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ අප ආහාරයට ගන්නා පලතුරු හා කිරිවලින්ද ස්වාභාවික ලෙස අපේ සිරුරේ සීනි අවශ්‍යතාව සපුරාලන නිසායි.

කොහොම නමුත් අපේ රටේ ඇත්තන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ සීනි, පැණි, තෙල් බහුලයි.

“කැවුමක් කන්නයි - අඩියක් යන්නයි”

2019/01/02 තරුණි පුවත්පත බලන්න.