සුවසැරිය ගිලන්රථ සේවය

පෙබරවාරි 13, 2019

'හදිසි' යන වදන අප ඕනෑම කෙනකුගේ ජීවිතයට ආත්මගතවම බැඳී සිටියි. ඒ අතරට හදිසි ප්‍රතිකාර සහ හදිසි අනතුරු යන දෙවර්ගය හඳුනාගෙන අදාළ ඒකකය වෙතට රෝගීන් ඇතුළු කිරීමේ වැදගත්කම පසුගිය සතියේ එක් කළා මතක ඇති.

එසේම හදිසි රෝගී තත්ත්වයක දී ගිලන් රථයක පිහිට පැතීමේ අනර්ඝ වාසිය ජීවිත කාලය පුරාවටම බලපාන අන්දම ද සඳහන් කළෙමු.මෙවර අපේ පූර්ණ අවධානය යොමුවන්නේ '1990 සුවසැරිය' ගිලන් රථ සේවාව පිළිබඳවයි.

Pre Hospital Care

වාර්ෂිකව සිදුවන අනතුරුවලින් සියයට 70 ක් පමණ ඇත්තේ මාර්ග රථවාහන අනතුරුය. මෙම අනතුරු මරණය සහ දීර්ඝකාලීන සංකූලතා දක්වා ගෙන යෑමට ඉවහල්වනුයේ වැරදි ප්‍රවාහන ක්‍රම මාර්ගයෙන්, වැරැදි ඉරියවු අනුගමනය කරමින්, කාලය ඉක්මවා යෑම නිසා රෝහල්ගත වීම යන කාරණා ය. මෙම තත්ත්වය තේරුම් ගනිමින් ර්‍ථපඥ ඩ්ධඵනඪබචත ඛ්චපඥ නැතහොත් පූර්ව රෝහල සත්කාර ක්‍රමය විදෙස් රටවල සියයට සියයක්ම ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගිලන් රථ සේවාවක් ඔස්සේ රෝගියා රෝගී වූ තැන සිට රෝහලට ගෙන්වයි. මෙය සාමාන්‍ය ගිලන්රථ සේවාවක් නොව රෝගියාට දිය යුතු මූලික සත්කාර සියල්ල ලබාදීමේ පහසුකම් සහිත ඒ පිළිබඳ පූර්ණ දැනුමැති කාර්යමණ්ඩලයකින් යුත් එකකි. එය වඩාත් දියුණු වෙමින් හෘදයාබාධ සඳහා වෙනමම පහසුකම් ඇති ගිලන්රථ පවා විදෙස් රටවල තිබේ.

2016 වසරේ සිට

2016 වසරේ දී වත්මන් රජය ඉන්දීය රජය සමඟ එක්ව 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඇරඹියේ මිත්‍රත්ව සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙසිනි.

සම්පූර්ණයෙන්ම නොමිලේ මහජනතාවට සෙත සලසන මෙම ගිලන්රථ සේවාව දැන් රටපුරා ක්‍රියාත්මකව පවතී. මෙහි මුල්ම අදියර ගිලන්රථ 88 කින් ඇරඹියේ බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය කරමිනි. පසුව යාපනය ප්‍රදේශයත් 2018 වසර අවසාන වනවිට සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුවසැරිය ගිලන්රථ සේවාව ක්‍රියාත්මක වන්නේ මහජනතාවට අනගි මෙහෙවරක් ඉටු කරමිනි.

රාජගිරියේ පිහිටි දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය

මෙහි දුරකථන සම්බන්ධතා මෙහෙයුම් මධ්‍යස්ථානය රාජගිරියේ පිහිටා ඇත. ගිලන්රථ සේවය කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව සිදුවන අතර 1990 අංකය ඇමතීම සඳහා ද කිසිදු ගාස්තුවක් අය නොවේ. ඔබ ලබා ගන්නා ඇමතුම හදිසි ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමුවන අතර මෙම වෛද්‍යවරයා රෝගියා කළ යුතු ප්‍රතිකාර මොනවාද, කුමන රෝහලකට ගෙන ආ යුතුද යන්න පිළිබඳව පැරා මෙඩික්ස් හෙවත් ඡ්ථඥපඨචදජර ර්ඥඤඪජචත ඊඥජඩදඪජඪචදඵ දැනුවත් කරයි.

ඒ අනුව රෝගියාට ආසන්නයේම ඇති ගිලන්රථය එවීමට කටයුතු කරයි. බොහොමයක් ගිලන්රථ ඇත්තේ අදාළ ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථානය ආශ්‍රිතවය.

ලක්ෂ 5 කට අධික පිරිසක්

පසුගිය වසරවන විට ලක්ෂ පහකට අධික රෝගීන් පිරිසක් හදිසි අවස්ථාවලදී කඩිනම් සේවයක් ලබාගනිමින් 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ පිහිට ලබා ඇත.

පළමු ඇමතුමෙන්ම සම්බන්ධතා

1990 අමතා ගිලන්රථයක් අදාළ ස්ථානයට වෙත යෑමට ගතවන කාලය විනාඩි 15 කටත් අඩුය. සියයට 90 කටත් වඩා දුරකථන ඇමතුම් පළමු ඇමතුමෙන්ම ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වේ. නැවත නැවත සම්බන්ධ වීමක් අවශ්‍ය නොවේ.

මෙහි වැදගත්කම කෙසේද කිවහොත් පසුගිය කාලයේ සිදුවූ මරණ 1/6 ක් පමණ මෙම ගිලන්රථ සේවය නිසාවෙන් වළකාගැනීමට හැකිවී තිබේ. පාර්ලිමේන්තු පනතක් අනුව '1990 සුවසැරිය ගිලන්රථ සේවා පදනම වශයෙන් එහි පූර්ණ අයිතිය ලංකා රජයට හිමිවන ලෙසින,් කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ආරම්භයේ දී හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරින් පුහුණුව ඉන්දියාවේ දී සිදුවූ අතර වත්මනේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එකතුවී මෙරටදීම එම පුහුණුව ලබදීමේ කටයුතු සිදුවෙමින් පවතී.

2019/02/13 තරුණි බලන්න.