හිස පීරන පනාව ගැන සැලකිලිමත් ද?

පෙබරවාරි 13, 2019

කොණ්ඩය වැවෙන්නට නම් දිනකට 50 වතාවක්වත් හිස පීරන්න

හිස කෙස් පීරීම සඳහා පනාවක් භාවිත කරන ඔබ කිසි දිනෙක පනාවේ ගුණාත්මකභාවය ගැන හිතලා නැතිව ඇති.

ඔබේ හිස කෙස්වල ආරක්ෂාව හෝ විනාශවීම තීරණය කිරීමේ හැකියාවක් පනාවටත් තිබෙනවා. ඉතින් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබේ හිස කෙස්වල සෞඛ්‍යාරක්ෂිත බවට උපකාරීවන පනාවක් තෝරාගෙන භාවිතකරන ආකාරය පිළිබඳවයි.

පනාවක් මිල දී ගැනීමේදී හිස් කබල තුවාල නොවන, කෙස් කැඩී නොවන පනාවක් තෝරා ගන්න.

හිසේ සමට වදින්න හොඳට පනාවෙන් පනස් වතාවක් විතර දවසකට පීරණ එකෙන් කොණ්ඩය වැවෙන්න ලොකු පිටිවහලක් ලැබෙනවා. මොකද එයින් හිසට ලේ ගමනාගමනය වැඩි වී කේශ මූලය උත්තේජනය වන නිසයි. නමුත් කේශ කල්‍යානය පීරද්දී නම් වඩාත්ම සුදුසු වන්නේ ස්වභාවික කෙඳි සහිත පනාවක්. ලී වලින්, ඇත් දළවලින් වගේ ස්වභාවික දේවල් උපයෝගි කරගෙන හැදූ පනාවකින් පිරන්න පීරන්න ඔබේ කොණ්ඩයේ දිදුලන ගතිය වැඩි කරගන්න පුළුවන්. මේකට හේතුව කෘත්‍රිම කෙඳිවලින් හැදූ පනාවෙන් වැඩි වාර ගණනක් පීරීමේදී ස්ථිති විද්‍යුතය (ඉබචබඪජ ඡ්තඥජබපඪජඪබර) ඇතිවී කියුටිකල් විවෘත වන නිසා හිසකෙස් අවුල් සහගතබවක් පෙන්නුම් කිරීමයි. ස්වභවික කෙඳිවලින් පීරන්න පීරන්න අපේ කෙස් ගසේ කියුටිකල් විවර නොවේ. එබැවින් කෙස්ගසට හානි නොකර හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි