දරුවා බෝවන රෝග රැසකින් රැකගන්නා ප්‍රතිශක්තිකරණ එන්නත්

අගෝස්තු 12, 2020

දරුවා බෝවන රෝග රැසකින් රැකගන්නා ප්‍රතිශක්තිකරණ එන්නත් හරියට රට ආරක්ෂා කරන පවුරක් වගෙයි. දරුවන්ට රජයෙන් නොමිලේ ලබා දෙන එන්නත් කලට වේලාවට ලබාදිය යුත්තේ එනිසයි. දරුවන්ට ලබා දෙන එන්නත් ගැන අප පසුගිය සතියේ මාපියන් දැනුවත් කළා.

එන්නත් දිනය ගැන සිහි කරද්දී අම්මලාට මතක් වෙන්නේ පුංචි සිත රිදෙන එක ගැන විතරයි. ඒත් අම්මලා තාත්තලා සැලකිලිමත් විය යුතු තව පුංචි පුංචි කාරණා කිහිපයක් තිබෙනවා.

දරුවා එන්නත් කිරීමට පෙර අම්මලා පහත සඳහන් කරුණුවලින් වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.

* දරුවා සනීපයෙන් සිටිනවා ද නැද්ද යන්න පවසන්න. උණ සෙල්සියස් 38.5 ට වැඩි නම් ඒ බව පවසන්න.

*කලින් දුන් එන්නතකට බලවත් ලෙස අසාත්මිකවූවා නම් ඒ ගැන කියන්න.

*යම් ඖෂධයකට අසාත්මික නම් ඒ බව පවසන්න.

* දරුවා සති 32 ට අඩු මාස ගණනකින් බිහිකළා නම් හෝ බර ග්‍රෑම් 2000ට අඩු නම් ඒ ගැන දැනුවත් කරන්න.

*නිදන්ගත රෝගයක් ඇත්නම් ( කාලයක් තිස්සේ පවතින රෝගයක් ඇත්නම් ) ඒ ගැන කියන්න.

 

උපදෙස් -කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ ලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නලින් කිතුල්වත්ත

 

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න