ක්‍රියාශීලී නම් ලෙඩ රෝග පහසුවෙන් වැලඳෙන්නේ නැහැ

නොවැම්බර් 4, 2020

නිතර නිතර ලොක්ඩවුන් වෙන එහෙමත් නැත්නම් නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන කාලයක ස්මාට් ෆෝනයට, මෝඩයාගේ පෙට්ටියට කොටු නොවී සමබල ආහාර ගෙන, ක්‍රියාශීලී දිවියක් ගත කිරීම නුවණැත්තන්ගේ තෝරා ගැනීමයි.

එහෙත් අපේ වැඩි දෙනෙක් දැන දැන වැරැදි කරනවාක් මෙන් සමබල ආහාර වේලකත් ව්‍යායාමයේත් වැදගත්කම දැන ගත්ත ද අලසකමින් දවස ගෙවා දමනවා.

ක්‍රියාශීලී ජීවිතයකින් අපට ලබාගත හැකි වාසි බොහොමයි. කුඩා වියේ සිටම දරුවන් ක්‍රියාකාරී කිරීමෙන් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්.

ක්‍රියාශීලී ජීවිතයක වාසි

හෘදය සහ පෙණහලු නීරෝගි වෙයි.

අධි රුධිර පීඩනය, පිළිකා, හෘද රෝග, දියවැඩියාව, ආඝාතය වැනි බෝවන රෝග වැලඳීමේ අවදානම අඩුවෙයි.

මස්පිඬු සහ අස්ථි සවිමත් වෙයි.

ශරීරයේ බර පාලනය වෙයි.

හැඩැති රුවක් ලැබෙයි.

මානසික සතුට ඇති වෙයි.

මේ වාසි දරුවාගේ සිට මහල්ලා දක්වා දිගු ආයු කාලයක් භුක්ති විඳීමට මඟ පාදා දෙන්නේ හරියට ජීවිතයට අතිකාල ආයු දීමනාවක් ලබා දෙමින්.

අපට දවස පුරා විවිධ අන්දමින් ක්‍රියාකාරීවන්න පුළුවන්.

ඇවිදීම

පිහිනීම

බයිසිකල් පැදීම

ක්‍රීඩා කිරීම

පඩි නැඟීම/කඳු නැඟීම

ව්‍යායම කිරීම

නර්තනය

යෝගා ඒ අතරින් ප්‍රධානයි.

අපට එදිනෙදා ක්‍රියාකාරකම්වලදීත් ක්‍රියාශීලී වීමට පුළුවන්. ඒත් වැඩි දෙනෙක් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ.

විදුලි සෝපානය වෙනුවට පඩි පෙළ භාවිත කරන්න.

බසයෙන් බැසීමට ැති ස්ථානයට නැවතුම් කිහිපයකට පෙර බැස ඇවිද ගෙන යන්න.

එදිනෙදා කාර්යයන් සඳහා සැමවිටම පයින් යන්න.

ළිඳ භාවිත කරන්නේ නම් ළිඳෙන් වතුර ඇදීම

ගෙදර දොරේ ක්‍රියාකාරකම්වලට හැකිතරම් දුරට විදුලි උපකරණ සීමා කර දෑත දෙපයේ ශක්තියෙන් ඒවා සිදු කිරීම.

උදා- රෙදි සේදීම

මිරිස් ඇඹරීම

 

*ක්‍රියාශීලී වීමේදී දැනුවත් විය යුතු වැදගත් කරුණු කිහිපයක්ම තිබෙනවා.

ව්‍යායාම කිරීමට අලස නොවන්නේ කැමැති ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක යෙදෙන විටයි. ඒ නිසා මුලදි මුලදී කැමැති ව්‍යායාමයක යෙදෙන්න.

සරල ව්‍යායාමයකින් පටන් ගැනීම වඩාත් සුදුසුයි.

උදා - ඇවිදීම, ගේ දොර වැඩ කටයුතු

ක්‍රමයෙන් වැඩි වෙහෙසක් දැරිය යුතු ක්‍රියාකාරකම්වලට යොමුවන්න.

උදා - දිවීම, කඳු නැඟීම, බයිසිකල් පැදීම, පිහිනීම, නර්තනය, යෝගා ව්‍යායාම

ක්‍රියාකාරකම්වල යෙදෙන විට හොඳින් හුස්මගත යුතුයි.

හුස්ම ගැනීම අපහසු වීම දක්වා ක්‍රියාකාරකම්වල වේගය වැඩි නොකරන්න. හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවූ විට වහාම ක්‍රියාකාරකම නවත්වන්න.

වයස හතළිස් පනස් ගණන්වලදී මුලින්ම ව්‍යායාම කිරීමට පෙලඹෙනවා නම් ව්‍යායාම කිරීම ඇරැඹීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න.

කෙතරම් වේලාවක් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදිය යුතුද?

වයස අවුරුදු 5 - 17 දක්වා - අඩුම වශයෙන් දිනකට පැය බැගින් සතියේ සැම දිනකම ව්‍යායාම කළ යුතුයි.

වයස අවුරුදු 18 - 64 දක්වා - අඩුම වශයෙන් දිනකට පැය භාගයක් සතියේ දින පහක්වත් ව්‍යායාම කළ යුතුයි.

වයස අවුරුදු 65 ට වැඩි නම් දිනකට පැය භාගය බැගින් සතියට දින පහක් ව්‍යායාම කළ යුතුයි.

 

උපදෙස් - බෝනොවන රෝග ඒකකයෙන්

 

2020/11/04 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.