කෝවිඩ් රෝගීන් කබලෙන් ළිපට දමන කළු දිලීර රෝගය

mucormycosis
කළු දිලීරය ගැන ලොවම වැඩිපුර කතා කරන්නේ කොරෝනා වසංගතය පැතිරීමත් සමඟයි.
සැප්තැම්බර් 22, 2021

 

කළු දිලීර රෝගය රෝගියකුගෙන් රෝගියකුට බෝ වෙන රෝගයක් නො වෙයි. මියුකොමයිකොසිස් බීජාණු මුහුණේ අස්ථි කුටීර තුළ, මොළයේ, පෙණහලුවල, සමේ, උදරආන්ත්‍රික පෙදෙස් ආශ්‍රිතව වැඩිපුර වර්ධනය වෙනවා. මුහුණේ අස්ථි කුහර තුළ වර්ධනය වූ විට දරන්න බැරි තරම් හිසරදයක් ඇති වෙනවා. මොළය වටා ඇති මෙනින්ජි පටලවලට ගිය විට මෙනින්ජයිටිස් තත්ත්වයක් ඇති වන්න පුළුවන්.

 පෙණහලුවල ගර්ත දක්වා වර්ධනය වූ විට නියුමෝනියා තත්ත්වයක් ඇති වෙනවා.

සම මතු පිට වර්ධනය විය හැකියි.

මියුකෝමයිකෝසිස් / කළු දිලීර රෝගය ජීවිතයට තර්ජනයක් වන නිසා මාරක රෝගයක්.

 අවයව බද්ධ කළ අයත් කළු දිලීර රෝගයට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති අයයි.

 දැඩි සත්කාර ඒකකයේ වැඩි කාලයක් සිටීමත් මේ අවදානම වැඩි කරනවා. කෝවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා ගැනීමෙන් දැඩි සත්කාර ඒකකයට යාමේ ඉඩ අඩු කරගන්න පුළුවන්.

 සමහරුන්ට උපතින්ම ප්‍රතිශක්තිය දුබල කරන රෝග පවතිනවා. එවැනි අය කළු දිලීරයෙන් පරෙස්සම් විය යුතුයි.

 

නව කොරෝනා වෛරසය ත්‍රාස ජනක සිනමා පටයක් වගෙයි. දවසින් දවස මිනිස් ප්‍රජාවට අත් දකින්න සලස්වන්නේ භයානක අත්දැකීම්මයි. විවිධවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදවලින් ලොව ම බිය ගැන්වී සිටින විට මෙතෙක් සැඟවී තිබුණු මාරාන්තික රෝගයකුත් මේ වසංගතය සමඟ අත්වැල් බැඳගෙන ඇවිත්. ඒ කළු දිලීර රෝගයයි.

මේ ගැන අප තරුණී ඔබ දැනුවත් කළේ මීට මාස ගණනකට කලින්. ඉන්දියාවේ ඩෙල්ටා උත්සන්න කාලයේ කළු දිලීරය රෝගය ගැන වාර්තා වීම ආරම්භ වුණා. ඒ සමඟම අප කළු දිලීරයේ භයානක කමත් ඔබ වෙත ගෙන ආවා.

ඉන්දියාව අපේ අසල්වැසියා නිසා හොඳ දේ වගේම නරක දේත් රටවල් දෙකට ම පොදු වෙන අවස්ථා එමටයි.

 ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වගේ අත්දැකීමක් ගෙන දෙන කළු දිලීර රෝගය / mucormycosis ( මියුකොමයිකොසිස් ) කුමක්ද?

මෙය අලුත් රෝගයක් නො වෙයි.

කාලයක් පුරා ලංකාවේ පවතින දිලීර රෝගයක්. මියුකොමයිසිටිස් නම් දිලීර අපේ පරිසරයේ පවතිනවා. දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට දිලීරය බලපානවා. වාතයෙන් දිලීර බීජාණු ආස්වාස වෙනවා. නිරෝගී අයට බලපෑමක් වන්නේ නැහැ.

n කෝවිඩ් සමඟ කළු දිලීරය ඇති වන්නේඇයි ?

කෝවිඩ් ප්‍රතිශක්තිය දුබල විට පහසුවෙන් වැලඳෙන රෝගයක්. කළු දිලීරයත් දුර්වල ප්‍රතිශක්තිය ඇති අයට වැලඳෙනවා. දැනට ලංකාවෙන් ජූනි මාසයේ සිට මේ දක්වා කළු දිලීරයට ගොදුරු වුණු කෝවිඩ් රෝගීන් දොළොස් දෙනෙක් වාර්තා වී තිබෙනවා.

nකළු දිලීර රෝගයේ රෝග ලකුණු මොනවාද?

මුහුණේ එක් පැත්තක් රිදීම, ඉදිමීම

මුහුණේ වේදනාව දැනෙන පැත්තේම හිසේත් වේදනාවක් ඇති වන්න පුළුවන්.

උණ ඇතිවීම.

නාසය හිරවී හුස්ම ගැනීමට අසීරු වීම.

නාසය දෙපැත්තේ උඩු තල්ලේ කළු පැහැති තුවාලයක් වාගේ විශාල පුල්ලියක් දකින්න පුළුවන්. මේ මූලික ලක්ෂණයි. මෙවැනි ලකුණු ඇති වූ පසු ප්‍රතිකාර නො ගත්තොත් තත්ත්වය බරපතළ වෙනවා.

එවිට දිලීරය ඇස් දක්වා වර්ධනය වෙලා ඇස් පිටතට නෙරා ඒම, පෙනීම අඩුවීම පමණක් නොව ඇස් අන්ධ වීමටත් ඉඩ තිබෙනවා.

තව දුරටත් රෝගය වර්ධනය වීමෙන් මොළයටත් දිලීරය බලපානවා.

n මෙය වැලඳෙන්නේ කෝවිඩ් - 19 වැලඳුන රෝගීන්ට පමණද?

නැහැ. මෙය කලක සිට ලොව පවතින රෝගයක්. ලංකාවේත් පවතින රෝගයක්.

ලංකාවේ එක් කෝවිඩ් රෝගියකුවත් නො සිටි 2019 වසරේදී කළු දිලීර වෛරස් ආසාදිතයන් 42 ක් සිටියා.දියවැඩියා රෝගීන් රෝගය පාලනය නොකර සිටින විට, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා වැනි නිදන්ගත රෝග ඇති අයට ප්‍රතිශක්තිය දුබල නිසා කළු දිලීරය වැලඳෙන්න තියෙන ඉඩ වැඩියි.

සාමාන්‍ය රෝගියකු වුවත්. නිදන්ගත රෝග ඇති අය වුණත් කෝවිඩ් - 19 ට ගොදුරු වීමෙන් කළු දිලීරයට ගොදුරු වෙන්න තියෙන ඉඩ වැඩියි.

ප්‍රතිශක්තිය දුබල තරන ස්ටීරොයිඩ් ගණයේ ඔසු දිගට ගැනීමත් කළු දිලීරය වැලඳීමේ අවදානම වැඩි කරනවා.

රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?

දිලීරනාශක වගේම සැත්කම් ද ප්‍රතිකාර ලෙසින් යොදා ගන්නවා.

n කළු දිලීරය වැලඳීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?

දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කළ යුතුයි.

නිදන්ගත රෝග ඇති අය වෛද්‍ය උපදෙස් මත රෝග පාලනය කරගෙන සිටීම වැදගත්.

එවැනි අය පස් ආශ්‍රිත වැඩ කළ යුත්තේ පිරිසුදු මුහුණු ආවරණයක් පැලඳ ගෙනයි.

කිලිටි මුව ආවරණ කිසි විටකත් පලඳින්න එපා. සෑම විටම පිරිසුදු මුව ආවරණ පමණක් පලඳින්න.

 

 

උපදෙස්

දිලීරවේදී විශේෂඥ වෛද්‍ය

ප්‍රිමාලි ජයසේකර