කුස්සියේ වැඩ පහසු කරන GadGematics

අගෝස්තු 19, 2020

ගෘහණියගේ දෛනික ජීවන ර‍ටාවේ ප්‍රමුඛතම ස්ථානය පවුලේ පෝෂණයට හිමිවෙනවා. මේ නිසා ඇය නිවෙසේ වැඩි කාලයක් ගතකරන ස්ථානය වන්නේද මුළුතැන්ගෙයයි. පවුලේ පෝෂණය හා නිරෝගී බව වෙනුවෙන් පෝෂණීය ආහාරවේලක් නිවෙසේදීම ඉක්මනින් පිරිසුදුව පිළියෙළ වීම අත්‍යවශ්‍යම කාරුණක්. දවසේ වැඩි කාලයක් මුළුතැන්ගෙයි ගත කරන ගෘහණියන්ට ඒ කාලය අඩුකර දෙන උපකරණ කිහිපයක්ම වෙළෙඳපොළට ඇවිත්. ඔබේ වටිනා කාලය ඉතුරු කරදෙන මුළුතැන්ගෙයි මේ උපකරණ ඔබේ වැඩ තවත් පහසුකර දේවී.

සියලුම ප්‍රමාණයේ බඳුන්වලට ගැලපෙන 

Clip - on colander

නූඩ්ස්ල්, ස්පැගටි, සොයා මීට් වැනි ආහාර සකසන විට, තම්බා පෙරා ගැනීම තරමක් අපහසුතාවයට පත්කරන්නක්. ඇතැම් විට පෙරීමේදී දෑත් මතට වදින එහි උණුසුම් වාෂ්ප නිසා පිලිස්සෙන්නත් පුළුවන්. ඒ වගේම පෙරීමේදී හැලී යන්නත් ඉඩ තියෙනවා. එයට විසඳුමක් ලෙස Clip - on colander  උපකරණය හඳුන්වා දිය හැකියි.

නාස්තිය වළකන මුළුතැන්ගෙයි මෙවලමක් ලෙස සලකන Clip - on colander ඕනෑම බඳුනකට හොඳීන් ගැලපෙයි.

තාපයට ඔරොත්තු දෙන, නම්‍යශීලී සිලිකොන් වලින් සාදන ලද මෙය ඔබේ මුළුතැන්ගෙයෙහි ඇති ඕනෑම භාජනයක් හෝ පෑන් එකකට ගැලපෙන පරිදි සකස් කළ හැකිය.

පහසුවෙන් ඇමිණීමට සඳහා එහි දෙපස ක්ලිප් දෙකක් ඇත. එය පැස්ටා බඳුනේ දෙපස ඇමිණූ පසු, බඳුනකට හෝ පෑන් එකකට ඇල කරන්න, එවිට දියර ඉවතට යනු ඇත. නමුත් මෙය තනිකරම පැස්ටා හෝ නූඩ්ල්ස් වැනි ආහාර සඳහාම පමණක් නොව, අර්තාපල් සහ වෙනත් එළවළු වැනි බර ද්‍රව්‍ය පෙරා ගැනීමට තරම් ශක්තිමත් ය.

පෑන් එකට කොලරයක් ලෙස ක්‍රියාකරන මෙම උපකරණය පිරිසුදු කිරීමට ගලා යන ඇල්ලීම ප්‍රමාණවත්ය.

-----------------

වැඩ 8ක් එකම උපකරණයකින් 

Kitchen Tool Bottle

මුළුතැන්ගෙයි උපකරණ බෝතලය කියා හඳුන්වන මේ උපකරණය ජපානයේ නිෂ්පාදනය කරන ලද්දකි.

මෙමඟිින් මුළුතැන්ගෙයි කාර්යන් 8ක් ම කර දෙන නිසා ඔබේ මුළුතැන්ගෙයි මෙවලම් වෙන වෙනම මිලදී ගැනීමට අවශ්‍ය නැත, ඉඩ ඉතිරි කර ගැනීම සඳහා ගැළපෙනම උපකරණයකි. පරිසර හිතකාමී මේ උපකරණය සකසා ඇත්තේ දිරාපත්වන ප්ලාස්ටික් වලිනි. පරිසර හිතකාමී අයුරුන් සකසා ඇති නිසා මෙමඟින් කාර්යන් කර ගැනීමේදී ආහාර විසවීමක් ද සිදු නොවේ. එතරම් මිල අධික නොවන මෙය නිවෙසක තිබිය යුතුම උපකරණයක්.

විවිධ මෙවලම් 8ක් ඒකාබද්ධ කර සකසා ඇති මේ බෝතලය ආහාර පිසීම වඩා පහසු කරන සහායකයෙකි. මේ මෙවලම් කට්ටලයට පුනීලයක් (Funnel), ලෙමන් මිරිකීමට උපකරණයක් (lemon sqeezer), බිත්තර කහ මදය සහ සුදු මදය වෙන් කිරීමට ගැජට් එකක් (egg separator), කුළුබඩු ග්‍රේට් කරණයක් (spice grater), චීස් ග්‍රේටරයක් (cheese grater), බිත්තර කැබැලිකර ගැනීමට ගැජටයක් (egg masher), බෝතල් පියන් විවෘතකරණයක් (cap opener), සහ මිලිලීටර් 420 ක මිනුම් කෝප්පයක් (mesasuring cup) ඇතුළත් වේ. ඒ වගේම මේ ගැජට් බෝතලය විටෙක මල් වාස් එකක් ලෙසත් මුළුතැන්ගෙය් අලංකාර කරන්නත් තබන්න පුළුවන්.

ග්‍රෑම් 250 ක් පමණ බරකින් යුතු, විස නොවන ප්ලාස්ටික් වලින් සාදා ඇති මේ ගැජටය පිරිසුදු කිරීමට උණු වතුර භාවිතා නොකරන්න. පිරිසුදු කිරීමේදී එක් එක් කොටස් වෙන වෙනම ගලවා ඇල් ජලයෙන් සෝදා හරින්න.

හඳුනා ගැනීමේ පහසුව සඳහා මේ එක් එක් කොටස් විවිධ වර්ණයෙන් පැමිණේ. ඔබේ ඉවුම් පිහුම් කටයුතු පහසුවෙන් කර ගැනීමට මේ ගැජට් බෝතලය ඔබට ප්‍රයෝජනවත් වේවි.

අන්තර්ජාලය ඇසුරිණි.