අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

දෙසැම්බර් 12, 2018

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමැති වර්ගයකින් සහල් ග්‍රෑම් 225 ක්

කොටු කපාගත් අන්නාසි කෝප්ප 2 ක්

කුඩාවට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 230 ක්

ගාගත් කැරට් අල 3 ක්

ලුනු ගෙඩියක්

සෝයා සෝස් මේස හැඳි 2 ක්

බටර් මේස හැඳි 2 ක්

පොඩි දොඩම් ගෙඩියක යුෂ

ග්‍රීන්පීස් කෝප්පයක්

ලුණු අවශ්‍ය පමණ

කජු කෝප්ප 1/2 ක්

සාදන ක්‍රමය

පළමුව හාල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු කුකුල් මස් සෝදා හොඳින් තම්බා ගන්න.

දැන් තරමක් ලොකු භාජනයකට බටර් ස්වල්පයක් දමා රත්කර ගන්න. එයට සිහින්ව කපාගත් ලූනු සහ කැරට් එකතු කරන්න.

සැල්දිරි ස්වල්පයක් ද එයට එකතු කරන්න.

ඉහත ද්‍රව්‍ය ළිපේ තිබෙන අතර වෙනත් භාජනයක් ගෙන එයට තල තෙල්, සෝයා සෝස් සහ දොඩම් යුෂ දමා කළවම් කරන්න.

දැන් ළිපේ තිබෙන කැරට් මිශ්‍රණයට පිසගත් බත දමාගන්න. එයට කපාගත් අන්නාසි ද එකතු කරන්න. එයටම සාදාගත් සෝස් මිශ්‍රණය සහ අවශ්‍ය පමණට ලුණු දමා හොඳින් මිශ්‍රකර ළිපෙන් බා ගන්න. බත අමුත්තන්ට පිළිගන්වන්නට පෙර කජු උඩින් දමා සරසා ගන්න.

සාදය රස ගන්වන නත්තල් කෑම  අතිරේකය . . . 

2018/12/12 තරුණි පුවත් පත සමඟ