චිකන් රෝල්

දෙසැම්බර් 19, 2018

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 100 ක්

බිත්තර කහ මදයක්

ලුණු, ගම්මිරිස් මේස හැඳි 1/2 ක්

ඔලිව් ගෙඩි 3 ක්

බෙල් පෙපර් කිහිපයක්

(සිහින්ව කපාගත්)

 

සාදන ආකාරය

මුලින්ම කුකුළු මස් ශුද්ධකර කටු ඉවත්කරගන්න. අනතුරුව කුකුළු මස් ස්වල්පයක් ගෙන ඊට බිත්තර කහ මද, ලුණු, ගම්මිරිස් එකතුකර හොඳින් ගසා ගන්න.

එම මිශ්‍රණය ගෙන පොලිතීන් දවටනය මත තබා එය හොඳින් අතුරා ගන්න.

දැන් සිහිනව කපාගත් බෙල් පෙපර්, ඔලිව් ගෙඩි අතුරා ගත් මිශ්‍රණය මත තබා ඔතා ගන්න.

එලෙස ඔතාගත් එම මිශ්‍රණය නැවතත් කෑම පිසීමේදී ආවරණය කිරීම සඳහා යොදා ගන්නා ඇලුමිනියම් දවටනයට දමා විනාඩි 30 ක් නටන උණු වතුරේ හුමාලයෙන් තම්බා ගන්න.