කුමාරිකාවයි, කුරුමිට්ටෝ හත්දෙනයි

දෙසැම්බර් 19, 2018

පුංචි පැටවු හරිම ආසයි ලස්සන කතන්දරවලට. ඉතින් ලස්සන කුමාරිකාවයි, පුංචි කුරුමිට්ටෝ හත්දෙනාගෙයි කතන්දරේට විශේෂයෙන්ම පුංචි දෝණිලා ගොඩාක් කැමැතියි.

පුංචි පැටවුන්ගෙ හිත් ගත් ඒ චරිත එයාලා ආසකරන කේක් එක මතට ගේන්න පුළුවන් නම් එයාලා කොතරම් සතුටු වෙයිද ? ඉතින් අද අපි හිතුවා අන්න ඒ කුමාරිකාවයි, කුරුමිට්ටෝ හත්දෙනායි චරිත මවන රසම රස මිදි කේක් එකක් හදන්න.

මෙම නිර්මාණය සඳහා කිලෝග්‍රෑම් 3 ක කේක් එකක් අවශ්‍ය වෙනවා. පහළ කොටස සඳහා කිලෝග්‍රෑම් 2ක් සහ උඩ කොටස සඳහා ග්‍රෑම් 500 ක කේක් 2ක් අවශ්‍ය වෙනවා. අනෙකුත් සියලුම නිර්මාණ සඳහා ෆොන්ඩන්ට්වලට තයිලෝ පවුඩර් එකතුකර සාදාගත හැකියි. මෙහි කිලෝග්‍රෑම් එකේ කේක් එක සාදාගැනීමට අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් කිලෝ දෙක සඳහා ද එම ප්‍රමාණයෙන් භාගයක් ග්‍රෑම් 500 කේක් එක සඳහා ද යොදාගන්න.

කිලෝග්‍රෑම් 1 ක කේක් එකක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

පාන් පිටි ග්‍රෑම් 300 ක්

බිත්තර 6 ක්

වියළි මිදි ග්‍රෑම් 250 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

දියර කිරි මේස හැඳි 8 ක්

වැනිලා තේ හැඳි 1 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 1/2 ක්

 

2018/12/19 තරුණි පුවත්පත බලන්න