පෝෂණ ගුණයෙන් සපිරි දෙල් රොටි

ජනවාරි 16, 2019

හැමදාමත් එකම දේ කන්න බැහැ කියලා කෑම ප්‍රතික්ෂේප කරන පොඩිත්තන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් හරි අපූරු පෝෂණ ගුණයෙන් පිරුණු උදෑසන ආහාරයකි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට පැසුණු පුංචි දෙල්ගෙඩියක්

පාන් පිටි ග්‍රෑම් 150 ක්

පොල් බෑයක පොල්

රතුලුනු ගෙඩි 10 ක් පමණ

අමුමිරිස් කරල් 06 ක් පමණ

කරපිංචා දලු ටිකක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

දෙල් ගෙඩිය පොත්ත සහ වහල්ල ශුද්ධකර සෝදා කැබලිවලට කපා ලුණු ස්වල්පයක් මිශ්‍රකර තම්බාගන්න. රතුලූනු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියාගන්න. පොල් බෑයත් හීනියටම ගාගන්න. ඉන්පසුව තම්බා ගත් දෙල් ටික හොඳින් පොඩිකරන්න. එයට පාන් පිටි, ගාගත් පොල් සහ ලියාගත් අනෙක් අමුද්‍රව්‍ය ටික ද දමා හොඳට අනාගන්න. තෙත ගතිය මදි නම් උණුවතුර ටිකක් එක්කර අනාගන්න. එයටම ලුණු දියර ස්වල්පයකුත් එක්කරගන්න. දැන් මේවා ගුලි සාදා කෙසෙල් කොළයක තුනිකර, රොටි සාදාගන්න. අනතුරුව තැටියක දෙපැත්ත දමා රන්වන් පැහැයට පුලුස්සා ගන්න.