ළදරු පෝෂණයේ නව ඉසව් සොයා යමින්...

ජනවාරි 23, 2019

මිශ්‍ර ධාන්‍ය තෙම්පරාදුව

කවුපි, කඩල, මුං ඇට වගේ පෝෂණ ගුණයෙන් සපිරි ඇට වර්ගවල රසය පුංචි කාලේ ඉඳන් දරුවන්ගේ දිවට හුරුකරන්නට ඇත්නම් හරිම අගෙයි.

ළදරු පාසල්, පාසල් යද්දී කෑම පෙට්ටියට ධාන්‍ය වර්ග දාලා යවද්දි එක ඇටයක්වත් ඉතිරි නොකරම කාවි.

ළදරුවන්ට ධාන්‍ය වර්ග ප්‍රියතාවයෙන් යුතුව දුන්නොත් ඒ අය ප්‍රතික්ෂේප කරන එක තරමක් දුරට හෝ මඟ හැරේවි.

 

අවශ්‍ය වන්නේ

කව්පි ග්‍රෑම් 100 යි

මුංඇට ග්‍රෑම් 100 යි

කඩල ග්‍රෑම් 100 යි

බටර් ස්වල්පයක්

බිත්තරයක්

රතුලූනු ග්‍රෑම් 50 ක්

සුදුලූනු බික් කිහිපයක්

තක්කාලි

 

සාදන අන්දම

කලින් දා රාත්‍රියේ පෙඟෙන්නට දැමූ කඩල, කව්පි, මුං ඇට ප්‍රෙෂර් කුකර් එකේ තම්බා ගත්තොත් හොඳින්ම තැම්බේවි. මුං ඇට තැම්බෙන්න වැඩි වෙලාවක් නොයන නිසා එය වෙනම තම්බාගන්න. නැත්නම් බෙරි වේවි.

රත්වූ පෑන් එකට බටර් ස්වල්පයක් දමා එයට බිත්තරය ද දමන්න. කපාගත් ලූනු, අමුමිරිස්, සුදුලුනු තෙම්පරාදු කොට එයට තක්කාලි ද එකතු කරන්න. අවසානයේ තම්බා ගත් ඇට වර්ග ටික තෙම්පරාදුවට එකතු කරන්න.

මාස අටේ පමණ පටන් දිය හැකි මේ ආහාරය පුංචිම ළදරුවන්ට නෑඹිලියේ තරමක් පොඩිකර දෙන්නට අමතක කරන්න එපා.

 

2019/01/23 තරුණි බලන්න