තන්දූරි චිකන් බිරියානි

පෙබරවාරි 27, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් බ්‍රෙස්ට් 1 ක්

බාස්මතී ග්‍රෑම් 250 ක්

ගී‍්‍රන් පීස් ග්‍රෑම් 50 ක්

කජු ග්‍රෑම් 50 ක්

වියළි මිදි ග්‍රෑම් 50 ක්

මී කිරි ග්‍රෑම් 25 ක්

ගී ඔයිල් මේස හැඳි 2 ක්

මසාලා පවුඩර් මේස හැඳි 2 ක්

ලුණු මේස හැඳි 02 ක්

ගම්මිරිස් මේස හැඳි 2 ක්

කොත්තමල්ලි කොළ ග්‍රෑම් 25 ක්

සුදුලූනු ග්‍රෑම් 50 ක්

ලූනු බික් ග්‍රෑම් 50 ක්

ඉඟුරු ග්‍රෑම් 15 ක්

තක්කාලි ගෙඩි 5 ක්

 

සාදන ක්‍රමය

ප්‍රථමයෙන් ගී ඔයිල් දමා සුදුලූනු, ලූනු, ඉඟුරු, සේර ද දමා රන්වන් පැහැය වනතුරු රත්කරගන්න. එයට කැබැලිවලට කපාගත් තක්කාලි, මසාලා පවුඩර්, ලුණු, ගම්මිරිස්, කජු, වියළි මිදි, ග්‍රීන් පීස් දමා එයට බාස්මති හාල් ද එකතුකරන්න. විනාඩි 35 ක් මඳ ගින්නේ තම්බාගන්න. ඉන්පසුව තැම්බුණු සහල් මතට මීකිරි, කොත්තමල්ලි කොළ එකතුකර ගන්න. පසුව එයට ලුණු, ගම්මිරිස් එකතුකර ගන්න.