එග් ඇන්ඩ් චීස් බෝල්

මාර්තු 13, 2019

රසයන් අනූන තවත් කෑමකි මේ. පොඩිත්තන්ගේ දිව පිනවන මේ කෑම වැඩිහිටි ඔබටත් හොඳ රසයක් ගෙන දේවි. උදෑසනට පහසුවෙන් හදන්න රසය හා පෝෂණය පිරුණු කෑමකි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

බීට්කරගත් බිත්තර 2 ක්

කිරි මේස හැඳී 2 ක්

තම්බා බැද ගත් චිකන් ස්වල්පයක් හෝ පිසගත් සොසේජස් කරල් 2 ක්

චෙඩාර් චීස් මේස හැඳී 1 ක්

සාදන ක‍‍්‍රමය

බිත්තර බඳුනකට දමා එයට කිරි එකතු කරන්න. සොසේජස් කැබලි හෝ තම්බා බැදගත් චිකන් කැබලි දමා හොඳීන් ගසාගන්න. මයික්‍රොවේව් එකේ තැබිය හැකි බඳුන් දෙකක් ගෙන බටර් හෝ එළවළු තෙල් ගා සකසා ගන්න. ඒවාට සකසාගත් මිශ‍‍්‍රණය දමන්න. අවන් එක ඉහළ උෂ්ණත්වයට තත්පර 45ක ට සකසා එහි මැදින් තබා පිටතට ගත් විගස චීස් එකතු කරන්න. අවන් එකේ වැඩි වෙලාවක් තබන්න එපා. උණුවෙන්ම කෑමට දෙන්න.