කුරක්කන්වල පෝෂණීය වැදගත්කම

අප්‍රේල් 24, 2019

කුරක්කන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වැවෙන ධාන්‍ය වර්ගයකි. කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක් වන කුරක්කන්, ඉතා ලාබදායී පිෂ්ට පදාර්ථයක් ද වේ. ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත ආහාරයක් වේ.

පැරණි ගම්බද වැසියන්ගේ ප්‍රධාන පිෂ්ඨධාතු ප්‍රභවය වූයේ මෙයයි. පිෂ්ඨය 72% ක් අඩංගුය. විශේෂයෙන් ග්‍රෑම් 100 ට කිලෝ කැලරි 328 ක් සපයයි. ඒවගේම ප්‍රෝටීන හා පොස්පරස් ද යහමින් අඩංගුය. එමනිසා ඔස්ටියෝපොරෝසිස් හා ඔස්ටියෝආතරයිටිස් රෝගයට ඉතා හොඳ ප්‍රතිකාරයකි. තවද විටමින් වර්ග වන තයමින්, රයිබොෆ්ලෙවින්, නියසීන් ද ඇත.

තන්තු හෙවත් කෙඳි බහුල ආහාරයකි. මේ නිසා විශේෂයෙන් දියවැඩියා රෝගීන් හා හෘද රෝගීන් සඳහා ඉතා ගුණදායකය. මෙහි ඇති කෙඳි ස්වභාවය නිසා කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ද ඇත. ‘ග්ලයිසිමික් ඉන්ඩෙක්’ පදාර්ථ තරමක් අඩු නිසා දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසුය.

ඉතා වටිනා කෑමක් වන කුරක්කන්වලින් විවිධ ආහාර වට්ටෝරු 100 ක් පමණ සාදාගත හැකි බව ඔබ දන්නවාද? සිංහල අපේ පැරණි ආහාර සම්ප්‍රදායේ ආශ්චර්ය පෙන්වන ඉතා ශක්තිජනක හා ඖෂධීය වටිනාකමකින් ද යුතු ආහාරයකි කුරක්කන්. මෙහි අඩංගු කෙඳි නිසා මලබද්ධය වළක්වාලයි. අර්ශස් රෝගය සඳහා ද ඉතා හොඳය. කුරක්කන් ප්‍රභේද ගණනාවක් ඇත. වගා කිරීමද ඉතා පහසුය.

 

උපදෙස් - ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය

සෙලී ප්‍රනාන්දු